RSS

Monthly Archives: September 2011

මානව හිමිකම් බටහිර සංකල්පයක් යනුවෙන් සළකා ප‍්‍රතික්ශේප කරන්නන්ට…….


Please those who reject Human Rights without even knowing what is it, please see this.
මානව හිමිකම් යනු මොනවාද වත් නොදැන එය බටහිර සංකල්පයක් යැයි ප‍්‍රතික්ශේප කරන්නන් කරුණාකර මෙම වීඩියෝව නරඹන්න.

ඔබ පමණක් නොවේ ලෝකයේ ජනතාවගෙන් බොහෝ දෙනා මානව හිමිකම් යනු මොනවාදැයි දන්නේ නැත.
මෙන්න සාක්ෂි

මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනය මගින් මානව හිමිකම් 30ක් සහතික කර ඇත. ඒවා පහත දැක්වෙන අතර ඒවා තේරුම් ගැනීමට පහසු වීඩියෝ දර්ශනද ඇත.

1. අපි සියළුදෙනාම නිදහසේ, සමාන අයිතීන් ඇතිව උත්පත්තිය ලබා ඇත්තෙමු.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/born-free-and-equal.html

2. කිසිදු හේතුවක් නිසා කිසිවෙකුට වෙනස් ලෙස සැලකීම නොකල යුතුය.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/do-not-discriminate.html

3. සියළුදෙනාටම ජීවත් වීමට අයිතියක් ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/right-to-life.html

4. වහල් සේවයේ යෙදවීම නොකල යුතුය.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/no-slavery.html

5. කිසිදු හේතුවක් නිසා කිසිවෙකුට වදහිංසා නොකල යුතුය.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/no-torture.html

6. ඔබ මේ ලෝකයේ කොතැන සිටියද ඔබ මානවයෙකු නම් ඔබට මානව හිමිකම් සදහා අයිතියක් ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/you-have-rights-no-matter-where-you-go.html

7. නීතිය ඉදිරියේ සියල්ලන් සමාන වන්නෝය.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/equal-before-the-law.html

8. ඔබේ මානව හිමිකම් නීතිය මගින් ආරක්ෂා කෙරේ.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/your-human-rights-are-protected-by-law.html

9. අසාධාරණ ලෙස සිරකර හෝ රදවා තැබීම නොකල යුතුය.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/no-unfair-detainment.html

10. සියලුම දෙනාට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට අයිතියක් ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/right-to-trial.html

11. යමෙකු වරදකරුවකු බව සනාථ වන තුරු සැකකරුවකු, අහිංසකයකු පමණි.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/innocent-till-proven-guilty.html

12. සියළුදෙනාටම පුද්ගලිකත්වය සදහා අයිතිවාසිකමක් ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/right-to-privacy.html

13. ඔබට නිදහසේ ගමනාගමනයට අයිතියක් ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/freedom-to-move.html

14. ඔබට ජීවත් වීම සදහා සුරක්ෂිත ස්ථානයක් සොයාගැනීමට අයිතියක් ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/right-to-seek-a-safe-place-to-live.html

15. සියල්ලන්ටම තම ජාතිය නියෝජනය කිරීමේ, එනම් ජාතිකත්වයේ අයිතිවාසිකම ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/right-to-a-nationality.html

16. සියල්ලන්ටම විවාහ වීමට සහ පවුලක් ඇති කරගැනීමට අයිතිවාසිකමක් ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/marriage-and-family.html

17. සියල්ලන්ටම තමන්ගේ දේපල සදහා අයිතිවාසිකමක් ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/right-to-ownership.html

18. සියල්ලන්ටම නිදහසේ සිතීමට අයිතිවාසිකමක් ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/freedom-of-thought.html

19. සියළුදෙනාටම අදහස් ප‍්‍රකාශනයට අයිතියක් ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/freedom-of-expression.html

20. සියල්ලන්ටම පොදු රැස්වීම් සදහා අයිතියක් ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/right-to-public-assembly.html

21. සියල්ලන්ටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා එනම් තමන් පාලනය කරන්නන් සාධාරණ චන්දයකින් පත් කර ගැනීමේ අයිතිවාසිකමක් ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/right-to-democracy.html

22. සියල්ලන්ට සමාජ ආරක්ෂණයේ අයිතිය ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/social-security.html

23. සියළුම කම්කරුවන්ට සේවා අයිතිවාසිකම් හිමිවේ.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/workers-rights.html

24. සියළු දෙනාටම විවේකය, වින්දනාත්මක කටයුතු වල නිරතවීම සහ වැටුප් සහිත නිවාඩු ලැබීමේ අයිතිවාසිකම ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/right-to-play.html

25. සියල්ලන්ටම ආහාර හා නිවාස, නවාතැන් සදහා අයිතිවාසිකමක් ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/food-and-shelter-for-all.html

26. සියල්ලන්ටම අධ්‍යාපනය සදහා අයිතිවාසිකමක් ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/right-to-education.html

27. සියල්ලන්ටම තමාගේ බුද්ධිමය දේපල සදහා හිමිකමක් ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/copyright.html

28. සියල්ලන්ටම සාධාරණව හා නිදහසේ ජීවත් වීමට අයිතියක් ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/fair-and-free-world.html

29. සියල්ලන්ටම වගකීම් දැරීමේ අයිතිවාසිකමක් ඇත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/responsibility.html

30. කිසිවෙකුට කිසිදු හේතුවක් නිසා ඔබේ මානව හිමිකම් ඔබෙන් උදුරා ගැනීමට අයිතියක් නැත.
http://www.youthforhumanrights.org/what-are-human-rights/videos/no-one-can-take-your-rights.html

මෙම අයිතිවාසිකම් ඔබ මොන ජාතියකට අයත් වුවද මොන ආගමක් ඇදහුවද ඔබට හිමිය. ඒවා කඩකිරීමට කිසිවකුට අයිතියක් නොමැත.

අද බොහෝ දෙනා කියන ආකාරයට මෙම අයිතිවාසිකම් දෙමළ අයට පමණක් නොවේ. මෙය සිංහල ඔබටත් අදාළයි. ඔබේ අයිතිවාසිකම් කවුරුන් හෝ කඩකරන්නේ නම් නොබියව ඊට විරුද්ධව හඩ නගන්න. නමුත් ඔවුනොවුන්ගේ අයිතීන් වෙනුවෙනු හඩ නැගීමට ඔබට ඇති අයිතියම අනෙක් ජාතීන් ආගම් නියෝජනය කරන්නන්ටද ඇති බව සිතන්න.

මේ අයිතිවාසිකම් රටක ජනතාවට ලබාදීම නිසා රටක පාලකයෙකුට හිතුමතේ ක‍්‍රියා කිරීමේ අයිතිය සීමා වේ. මේ නිසා එසේ හිතුමතේ ක‍්‍රියා කිරීමට කැමති පාලකයින් මානව හිමිකම් යනු බටහිර සංකල්පයක් බවටත්, එයින් අපේ සංස්කෘතීන් විනාශ වන බවටත් සාවද්‍ය මතයක් ජනතාවට කාවැද්දීමට උත්සාහ කරති. මේ හරහා එන පණිවිඩය වන්නේ බටහිර ප‍්‍රචලිත ක‍්‍රිස්තියානි හෝ කතෝලික සංකල්පයක් නොව මානව වර්ගයා ඔවුනොවුන්ට ගෞරවයෙන් සැලකීමේ අවශ්‍යතාවයයි. එබැවින් ඔබත් මානවයෙකු නම් මානව හිමිකම් උල්ලංඝනය කිරීමට විරුද්ධ වන්න. ඔබේ හිමිකම්ද ආරක්ෂා වනු ඇත්තේ එවිටයි.

මානව හිමිකම් කවුරු කැඩුවත් වැරදියි.

 
3 Comments

Posted by on September 26, 2011 in Uncategorized

 

අධිපතිවාදය බුද්ධිමය ලෙස විශුද්ධිකරණය කිරීමේ සූක්ෂම ක‍්‍රමවේදය


මෙහි පල වන්නේද මා මීට පෙර පළ කලා හා සමාන ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පළවූ ලිපියකි. විද්‍යාත්මක ක‍්‍රමවේදය පිළිබද ජනතාව තුල ඇති විශ්වාසය බිද දැමීම මගින් ජනතාවගේ විචාරාත්මක අවබෝධය මොටකර ප‍්‍රශ්න නොනගන සුවච කීකරු යටහත් පහත් ජනතාවක් බිහිකර ගැනීමේ ක‍්‍රමවේදය පාලක පැලැන්තිය විසින් සුක්ෂම ලෙස ක‍්‍රියාවට නගන ආකාරය අවබෝධ කර ගැනීමට මෙය කදිම උදාහරණයකි.
මෙම ලිපිය සහ කමෙන්ට්ස් පිළිබදව මාගේ විවරණයක් මමද කමෙන්ට් එකක් සේ පල කලෙමි. පළමුව ලිපිය හා අනෙකුත් කමෙන්ට්ස් කියවා පසුව මාගේ කමෙන්ට් එක කියවීම තත්වය පැහැදිලිව අවබෝධ කරගැනීමට රුකුලක් වනු ඇත.

අයින්ටයින්ගේ ආලෝකයේ වේග සීමාව පට්ටපල් බොරුවක්! – CERN
September 24, 2011 at 3:00 pm | Lanka C News
– බටහිර විද්‍යාවේ ඊනියා වාස්තවිකත්වයට තවත් පහරක්.
– බටහිර විද්‍යාවේ විශ්වය පිළිබඳ සියළුම ප්‍රවාද බොරු බව බටහිර විද්‍යාවටම පිළිගැනීමට සිදුවන ලකුණු.

මීට ශතවර්ශයකට පමණ පෙර බටහිර බිහිවූ ඉහළම සහ අග්‍රගණය විද්‍යායා සහ අද්වතා ලෙස සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් (Albert Einstein) විසින් ආලෝකයේ වේගය ඉක්මවිය හැකි කිසිදු ප්‍රපංචයක් (ශුද්‍ර අංශු) විශ්වයේ නොපවතින බවට ප්‍රකාශ කරමින් ගොඩ නැඟූ බටහිර විද්‍යාව ද තව දුරටත් වලංගු නොවන්නා වූ විෂයක් බවට පත්වෙමින් පවතින බව ස්විස්ටර්ලන්තයේ පිටිහි CERN පරික්‍ෂණාගාරය විසින් සිදුකර ඇති නවතම පරික්‍ෂණයකින් සනාත වෙමින් පවතී බව බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් වාර්තාවක සඳහන් වේ.
මීට ශතවර්ශයකට පමණ පෙර, එනම් 1905 දී ඇල්බට් අයින්ස්ටයින් විද්වතා විසින් ඔහුගේ විශේෂ සාපේක්‍ෂතාවාදය තුළින් ආලෝකයේ වේගය ඉක්මවන්නා වූ කිසිදු ප්‍රපංචයක් ‘දෙවියන් වහන්සේ’ විසින් විශ්වය තුළ නිර්මාණය කර නොමැති බව ප්‍රකාශ කර තිබිනි.

එහෙත්, ඊයේ රාත්‍රීයේ (24) දී ප්‍රකාශයට පත් කරන ලද CERN පරික්‍ෂණාගාරයේ පරික්‍ෂකයින් පිරිසක් විසින් සිදුකරනු ලැබූ පරික්‍ෂණ වාර්තාවකට අනුව, ස්භාවධර්මය පිළිබඳව බටහිර විද්‍යාව විසින් ගොඩනඟා ඇති අත්තිවාරම බොහෝ දුරට බොරු විය හැකි බව බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් සඳහන් කරයි.

බටහිර විද්‍යාවේ ඉහළතම සහ නිවැරැදි පරික්‍ෂණ පවත්වන එකම සහ ප්‍රධානතම පරික්‍ෂණාගාරය CERN පරික්‍ෂණාගාය බවට බටහිර භෞතික විද්‍යායෝ කියා සිටිති. තවද, එය ලොව පවතින විශාලතම පරික්‍ෂණාගාරය ද වේ. CERN විසින් සිදුකරනු ලැබූ ඉහත ශුද්‍ර අංශු පරික්‍ෂණයට අනුව ආලෝකයේ ප්‍රවේගය ඉක්මවා ගමන් කළ හැකි ශූද්‍ර අංශු විශේෂයක් (පරමානුක අණු විශේෂයක්) පිළිබඳව හෙළවී ඇති බැවින් බටහිර විද්‍යා ලෝකයම දැඩි කම්පනයකට පත්ව ඇති බව ද ටෙලිග්‍රාෆ් සඳහන් කරයි.

CERN විසින් තම විසින් සිදුකරනු ලැබූ පරික්‍ෂණය ඉතා නිරවද්‍ය පරික්‍ෂණයක් බවට සනාත කර ඇති බැවින් අයින්ස්ටයින්ගේ ආලෝකයේ ප්‍රවේග සීමා මූලදර්මය අනුව, පසුගිය අවුරුදු 100 තුළ බටහිර විද්‍යාව විසින් විශ්වය පිළිබඳව ඉදිරිපත් කර තිබූ කෙළ කෝටීයක් වූ සියළුම දැනුම එකවර බොරුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි බටහිර විද්‍යාඥයෝ කණගාටුවන බව ද ටෙලිග්‍රාෆ් වාර්තාව අනුව පෙනී යයි.

වර්ෂ 1905 දී අයින්ටයින් විසින් ඉදිරිපක් කළ විශේෂ සාපේක්‍ෂතාවාදයට අනුව අවකාශය තුළ වැඩිම වේගයකින් ගමන් කළ හැකි එකම ප්‍රපංචය අලෝකය බවත් එම වේගය තත්පරයට කිලෝමීටර 299,792 (තත්පරයට සැතපුම් 186,282) ක් බව ප්‍රකාශ කර තිබිනි. එම මූලධර්මයට අනුව අයින්ටයින් විසින් ඉදිරපත් කරනු ලැබූ සමීකරන බටහිර විද්‍යාව තුළ ඉතා ඉහළින් ද පිළිගනු ලබන වූ සමීකරණ වේ. ආලොකයේ ප්‍රවේගය ආධාරයෙන් අයිස්ටයින් විසින් ශක්තිය සහ ස්කන්දය අතර ඇති සම්බන්ධයක් පිළිබඳව සාධනය කරනු ලැබූ E= MC2 සමීකරණය බටහිර විද්‍යාඥායෝ දෙවියන් මෙන් අදහති.

මෙම පරික්‍ෂණ ප්‍රතිඵල අනුව අනුව මහත් විශ්මයට පත්ව ඇති ඇමෙරිකානු සහ ජපාන විද්‍යාඥයෝ පිරිසක් මෙහි ඇති නිරවද්‍යතාව පිළිබඳව තවදුරටත් සනාථ කර පෙන්වන ලෙස CERN හී විද්‍යාඥ කණ්ඩායමෙන් විමසා ඇති අතර ඒ අනුව නැවත නැවත් මෙම පරික්‍ෂණය සිදුකළ බව එම CERN විද්‍යාඥක කණ්ඩායම පවසති.

“මෙම පරික්‍ෂණය සඳහා අප භාවිතා කළ උපකරණවල, අප භාවිතා කළ ක්‍රමවේදයන් පිළිබඳව, අපගේ නිරික්‍ෂණ වල යම් සාවද්‍යතාවයක් තිබේ දැයි නැවත නැවත නැවතත් දැනගැනීමේ අටියෙන් නැවත නැවතත් සිදුකළ පරික්‍ෂණවල ප්‍රතිඵල වලට අනුව අපගේ ප්‍රතිඵල වල නිරවද්‍යතාව නැවත නැවතත් සනාත වූවා. එහි කිසිදු සාවද්‍යතාවයක් නැහැ.” යැයි මෙම පරික්‍ෂණ කණ්ඩායමේ ප්‍රකාශකයෙකු වන අන්තෝනියෝ එරෙදිතාතෝ (Antonio Ereditato) නම් විද්‍යාඥා විසින් නැවතත් සනාත කරමින් වාර්තාවක් නිකුත් කර ඇත.

කෙසේ හෝ බටහිර විද්‍යාවේ ප්‍රධාන මූලධර්මයක් මෙසේ බොරු වී ඇති පසුබිමක ද බටහිර විද්‍යාවේ පදනමට පහර වදින්නා වූ මෙවැනි ප්‍රතිඵලයක් සියළුම විද්‍යාඥයෝ එකවර පිළිගැනීමට කැමැත්තක් නොදක්වන බව ද පෙනී යයි. එහෙත්, CERN පරික්‍ෂණාගාරයේ නිරික්‍ෂණයක් ප්‍රතික්‍ෂේප කිරිමේ කිසිදු හැකියාවක් බටහිර විද්‍යාවට නො පවතී.

“අයින්ටයින්ගේ මූලධර්ම පශ්චාත් භෞතික විද්‍යාව බිහිකිරීම සඳහා යොදාගත් ප්‍රධානතම මෙවලමයි” යැයි ලොව අංක එකේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු ලෙස සැලකෙත ජෝන් එලීස් (John Ellis) විසින් මෙම නිරීක්‍ෂණය පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ බටහිර විද්‍යාවේ පදනම දෙදරිය හැකි බවට ඉඟියක් කරමින් නිසා බව හොඳාකාරවම පෙනී යයි.

– පුවතට මූලාශ්‍ර ලබා ගත්තේ මෙම ටෙලිග්‍රාෆ් වාර්තාවෙන් සහ අන්තර්ජාලය ඇසුරිනි, යූ. ඩී.

පෙර පුවත: සාපේක්‍ෂතාවාදය අභියෝගයට ලක්වේ. බටහිර විද්‍යාව යළි සලකා බැලිය යුතුය

විශේෂ ස්තුතිය:- මෙම කොම්මටය පළ A.D. ට අපගේ විශේෂ ස්තූතිය.

…………………………………….

13 Comments to “අයින්ටයින්ගේ ආලෝකයේ වේග සීමාව පට්ටපල් බොරුවක්! – CERN”

Reply
Samanalaya says:
September 24, 2011 at 4:22 pm
Lanka C news nikam bala wada karanna epa, America wirodayak tiyanawa kiyala kisi wadagammakata nathi dewal use karala news mawanna epa. CERN eken hoya gatta kiyana eka oya tharam uda paninna tharam hethuwak da? Anika oya aluth soya ganeema karapu CERN ayathanaya tiyenne SWITZERLAND wala kiyala CNews ta amathaka unada? Eka batahira nemei da?
Kanna one unama Kabaragoya Thalagoya kara ganna epa. Nikam minissu rawattanawa.

Reply
Honda Helaya says:
September 24, 2011 at 3:56 pm
යු.ඩි විසින් මේ ලිපිය රචනා කර ඇත්තේ මෙය කියවන පාටකයාගේ මනසේ බටහිර කෙරෙහි අනියත ජුගුප්සාජනක කාලකන්නි ප්‍රීතියක් මවන අටියෙනි.ඉන් සිදුවන්නේ දුපත් හෙවත් කොදොව් මානසිකත්වයක් හිමි යයි කියන ලංකික ලින් මැඩි දැනුම් ඇත්තන්නන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වය තව තවත් සීමිත හෝ පටු කිරීමයි.ඔබ මින් කුමක් බලාපොරොත්තු වන්නේද? අයිස්ටයින් ලෝකය දෙවියකු මැව්වා යන සංකල්පය බැහැර කළා පමණක් නොව ඔහුටම විසදාගත නොහැකි වූ 13 වැනි සමීකරණය විසදීමට නම් බුදු දහම තේරුම් ගත යුතුයි කියාද කල්පනා කල අයෙකි.මා කියවා ඇති පරිදි ඔහු අවසාන කාලයේදී බෞද්ධයෙක්ව සිට ඇත.(මෙය ඔප්පු කිරීමට මට සාක්ෂි නැත.) අනික් කාරනාව. ඔය අයින්ස්ටයින් ගේ මතය බිදහෙලු (තවම මෙය නිවැරදියි කියා ලෝකය පිළිගෙන ස්ථිර කර නැත.) විදු දරුවන් සිටිනුයේද බටහිරමය. (ස්විස්ටර්ලන්තයේ) එසේ නම් බටහිර මතයක් බිද හෙලන විට නැගී සිටියේද බටහිර මතයක් ම නේද? අයි ඔබ කොරහේ කිබුලන් පෙන්වමින් අසරණ ලාංකික පාටකයාව මුලා කරන්න උත්සාහ කරන්නේ? මෙය නම් අපි බලාපොරොත්තු වන ප්‍රමිතිය නොවේ?

Reply
Honda Helaya says:
September 24, 2011 at 4:01 pm
“විශ්වයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සියලුම විද්‍යාත්මක විශ්වාසනයන්ට පාදක වී ඇති අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂ සිද්ධාන්තය පදනම් වී තිබෙන්නේ කිසිඳු අංශුවකට ආලෝකයේ වේගය අභිබවා ගමන් කළ නොහැකි යන්න මතය.”
අයිස්ටයින් අවුරුදු 110 ඉස්සර මෙහම කිව්වට ඊට වඩා වැඩි වේගයකින් අංශුන් ගමන් කරන බව බෞද්ධයන් වගේම හින්දුන්ද මිට අවුරුදු 2500 ටත් පෙර සිටම දැනගෙන සිටි බවට ඇති හොදම සාක්ෂිය තමයි ඉර්දී වීමේ බලය. මෙතන සිටින තැනැත්තා. ක්සනයකින් ඉර්දී වී තව තැනක සිටීම.

Reply
Buddhika says:
September 24, 2011 at 3:52 pm
Come on why this western and non wetern..its Science..its obbioius with the time lots of old priciples were discovered that not exactly correct.when Ainstine discovered E =MC2..Newtons therom was challenged..its the development of sciens and thats how science it doe not mean that Ainstined is a fool or wrong ..Knoelwedge is relative to the time..

Dont try to mix ur wetsern/eastern to science ..its every where science..iS Swisterland NOn western?..come onn

Reply
අප්පු says:
September 24, 2011 at 3:49 pm
ලෝකය තේරුම් ගැනීම යනු තමාවම තෙරුම් ගැනීමයි.එසේ නැතිව කවදාවත් මේ ලෝකය බාහිරින් තේරුම් ගැනීමට ගන්නා සියලු උත්සහයන් සාපේක්ෂතා වාදය මෙන් දියවී යනු ඇත.
මේ බටහිරින් අපට උගන්වනු ලැබු Science යන්නට අපගේ පැරනි උගතුන් විසින් විද්‍යාව යන නම දැමීම කොපමණ දුරට ගැලපේද යන්න දැනටම අප සියලු දෙනාටම හොදින්ම තේරෙනවා.විද්‍යාව යන වචනය පාලී වචනයක්(විජ්ජා)එම වචනය මෙම නිතර වෙනස් වන බටහිර මිනිසුන්ගේ Science යන්නට ආදේශ කිරීම කොතරම් අභාග්‍යයක්ද.විද්‍යාව(විජ්ජා)යනු සත්‍යයි.(විජ්ජා උදපාදී ආලෝකය පහල විය.මෙම පහලවූ ආලෝකය නැවත කිසිදාක වෙනස් වූයේ නැත)එම නිසා බටහිර මිනිසුන්ගේ Science යන්නට වෙනත් වචනයක් දැන්වත් සොයා ගත යුතුය.(‍බෞද්ධ විද්‍යා යන වචනය භාවිතා කිරීම ඒ වචනයේ සෑබෑ අරුත විකෘති කිරීමක් නිසා)

Reply
අප්පු says:
September 24, 2011 at 3:38 pm
හැම සිද්ධියක්ම බටහිර (අ)විද්‍යාව මත පදනම්ව විග්‍රහ කිරීම කොතරම් සාධාරණ යුක්ති සහගතද යන්න දැන්වත් තේරුම් ගැනීමට කාලය පැමිණ ඇති බව මේ මගින් අපට කියා සිටී.

Reply
Erandaka says:
September 24, 2011 at 3:36 pm
They have found particles move faster than the speed of the light (c = 30000000 m/s). Therefore the “c” in the equation E=mc2 must be replaced by that new speed. Therefore the energy generated in nuclear power plants must be larger than the calculated value with “c”.

Reply
CERN says:
September 24, 2011 at 3:34 pm
it’s true these particles were found out to be travelling faster than light. it is a new discovery and as usual, science moves forwards. by the way CERN is also western scientists. please don’t try to give stupid interpretations.

Reply
ඊනියා වාස්තවිකයන්ට කනේ පහර says:
September 24, 2011 at 3:43 pm
අනේ පිස්සෝ අයින්ටයින්ගේ සාපේක්ෂතාවාදයත් බොරු නම් තවත් ඊනියා වාස්තවිකත්වයක් බටහිර විද්‍යාවට හොයා ගන්න පුළුවන් කියලා තවත් අදහනවානම් සිංහල වෙදකට අනුව උඹත් ප්‍රතිකාර ගනින්. එච්චරයි උඹටත් කියන්න තියෙන්නේ.

Reply
ලොක්කා says:
September 24, 2011 at 3:32 pm
එහෙම තමයි හෙම දෙයක්ම වෙනස් වෙනවා, බුදුරජානන් වහන්සෙ තමයි හරදෙ කෙයල දුන්නෙ.

Reply
Kaswatuwa says:
September 24, 2011 at 3:29 pm
C news news news wala icing wedi. cake eka adui.Bahubootha godak kiyala batahira widyawata banala misk aththa news eka nehene?

Reply
Erandaka says:
September 24, 2011 at 3:37 pm
ඒක ඇත්ත…..හරියට කතාව කියලා නැහැ.

Reply
ඊනියා වාස්තවිකයන්ට කනේ පහර says:
September 24, 2011 at 3:42 pm
අනේ පිස්සෝ අයින්ටයින්ගේ සාපේක්ෂතාවාදයත් බොරු නම් තවත් ඊනියා වාස්තවිකත්වයක් බටහිර විද්‍යාවට හොයා ගන්න පුළුවන් කියලා තවත් අදහනවානම් කටුස්සා වගේ පාට වෙනස් කරන උඹගේ ලෙඩේට සිංහල වෙදකට අනුව ප්‍රතිකාර ගනින්. එච්චරයි කියන්න තියෙන්නේ.

Reply

මගේ කමෙන්ට් එක
Wisammuthi says:
Your comment is awaiting moderation.
September 24, 2011 at 6:33 pm
විද්‍යාව විසින් ගොඩනගන ලද යම් කිසි උපකල්පනයක් විද්‍යාව විසින්ම තර්කානුකූල ලෙස බිද දැමීමක් ලෙස මම මෙම තත්වය දකිමි. විද්‍යාවේ ස්වභාවය එයයි. උදාහරණයක් වශයෙන් මුල් කාලීනව ලෝකය ගෝලාකාර බවට ඇතැමුන් තර්ක කරද්දී ඇතැමුන් එය පීරිසියක් යැයි කීවෝය. එය ඝනකයක හැඩය ගන්නා බව කී පිරිස්ද සිටියහ. ඊට පරිබාහිර මතයන් ඉදිරිපත් කරන ලද ගැලීලියෝ ගැලීලි වැන්නන් ක‍්‍රිස්තියානි, කතෝලික දර්ශනයන් විනාශ කිරීමට සාතන් එවූ දුෂ්ඨයන් වශයෙන් හුවාදක්වමින් ඔවුන් සිරගත කිරීම දක්වා මෙම තත්වයන් දික් ගැස්සුණි. කෙසේ වෙතත් අවසානයේදී සනාථ වූයේ සාවද්‍ය මතය වන්නේ ලෝකය පීරිසියක් බව විශ්වාස කිරීම මිස විද්‍යාඥයින් තර්කානුකූලව ඉදිරිපත් කළ දැය නොවන බවයි. විද්‍යාව යනු මා විශ්වාස කරන ආකාරයට සත්‍යය සොයා යාමයි. ඒ සදහා සයන්ස් නම් ඉංග‍්‍රීසි අරුත දක්වමින් පටු විග‍්‍රහයක යෙදීමට වඩා ඒ දෙස වඩාත් තාර්කික හා විවෘත මනසකින් බැලීම වටී. ලෝකය ගෝලාකාර බව අපි කවුරුත් දන්නා සිද්ධාන්තයක් වශයෙන් වර්තමානය වන විට ස්ථාපිත වී පවතින අතර කුමන ආගමික ග‍්‍රන්ථ වල කුමක් සදහන් වුවද එයට අභියෝග කිරීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නැත.
නමුත් විද්‍යාව විසින්, වඩාත් නිවැරදිව කිවහොත් යම් යම් විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරන ලද උපකල්පන විද්‍යාව තුල පවතී. වාදය යන යෙදුම තුලින් අරුත්ගැන්වෙන්නේ මෙම මතවාදයන්හි ඇති උපකල්පනික ස්වභාවයයි. උදාහරණයක් ලෙස පරිණාමවාදය දැක්විය හැකිය. මහා බ‍්‍රහ්මයා විසින් හෝ යෙහෝවඃ විසින් හෝ අල්ලාහ් විසින් හෝ වෙන යමෙකු විසින් ලෝකය මවන ලදැයි කියන මැවුම්වාදී මතයට විකල්පයක් ලෙස ජීවයේ සම්භවය සම්බන්දයෙන් චාල්ස් ඩාවින් පරිණාමවාදය නැමති සිය අදහස ඉදිරිපත් කරන ලදී. ඒ සදහා සාධාරණ යැයි කිව හැකි හේතුන් සාක්ෂි වශයෙන් ඔහු ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත් වෙනත් ක‍්‍රමයකින් ජීවයේ සම්භවය ආරම්භ වීමට ඉඩකඩ නොපැවති බව මෙම වාදය හරහා හෝ පෙන්නුම් නොකරන්නේත් එය විද්‍යාව තුල න්‍යායක් වශයෙන් හෝ සිද්ධාන්තයක් වශයෙන් හෝ හැදින්වීමෙන් තොරව වාදයක් වශයෙන් එනම් අද වන තුරුම ඕනෑම පුද්ගලයෙකුට අභියෝග කළ හැකි, එමෙන්ම හැකි නම් සාවද්‍ය ලෙස ඔප්පු කිරීමේ ඉඩකඩ ඕනෑම පුද්ගලයෙකුට පවතින්නේත් මෙය සිද්ධාන්තයක් නොව වාදයක් වන බැවිනි.
ඇල්බට් අයින්ස්ටයින් මෙලොව පහළ වූ ශේෂ්ඨ උගතකු හා විද්‍යාඥයෙකි. ඔහු විසින් හදුන්වාදුන් මතය සාපේක්ෂතාවාදය ලෙස මිස සාපේක්ෂතා සිද්ධාන්තය ලෙස හැදින්වූයේ නැත. එනම් එයද ඔහුගේ පරිවේශණීය සාක්ෂ්‍ය මත එකල ප‍්‍රකාශයට පත් කරනු ලැබුවා වූද සීයට සීයක් නිරවද්‍ය ද යන්න පිළිබද විද්‍යාව තුලම යම් යම් වාද විවාද පවතින්නාවූද හැකිනම් අසත්‍ය යැයි ඔප්පු කිරීමේ භාරය තවමත් විවෘතව පැවතියා වූද වාදයක් මිස සිද්ධාන්තයක් නොවේ. එනම් එය හුදු උපකල්පනයකි. මෙම උපකල්පනය මත පදනම්ව විද්‍යාව විසින් යම් යම් සොයාගැනීම් සිදු කරන ලද බවත් ඒවායින් යම් යම් ඒවා සාර්ථකත්වයට පත්වී ඇති බවද මෙහිදී අමතක නොකළ යුතුය. නමුත් සමස්ථ බටහිර විද්‍යාව විසිවන සියවසේ මුල භාගය තුල ජීවත් වූ යම් විද්‍යාඥයෙකු ඉදිරිපත් කළ උපකල්පනයක් මත පදනම් වූ බවත් දැන් ඒ උපකල්පනය බොරු යැයි සනාථ වී ඇති නිසා සම්පූර්ණ විද්‍යාවම පට්ටපල් බොරුවක් යනුවෙන් මත පල කිරීම සිනහ උපදවන සුළු මුලාවකි. විද්‍යාව ආරම්භ වූයේ මිනිසා මෙලොවට බිහි වූ දා සිටමය. එය නවීන විද්‍යාවක් වශයෙන් එය වර්ධනයක් අත්පත් කරගන්නේ 14 වැනි සියවස හා 16 වැනි සියවස අතර කාලයක වුවද ඒ අයින්ස්ටයින් මෙලොවට බිහි වීමටද බොහෝ කලකට පෙරය. අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය ඉදිරිපත් කිරීමට පෙර බිහිවූ සොයා ගැනීම් විශාල ප‍්‍රමාණයක් පවතින අතර අද වනතුරුත් සිද්ධාන්ත වශයෙන් පිළිගනු ලබන සොයාගැනීම් බොහෝය. එබැවින් අයින්ස්ටයින්ගේ එක් සොයාගැනීමක් පිළිබද යම් අවිනිශ්චිත තාවයක් පැන නැගුණු පමණින් විද්‍යාව එයින් අහවර බව කල්පනා කිරීම කල හැක්කේ ඒ පිළිබද පවත්නා පුද්ගලික වෛරයක් හේතුවෙන් විද්‍යාව කඩා වැටෙන තුරු කෙළ හලන්නෙකුට පමණි.
ඉහත ලිපිය සම්පාදනය කිරීමට මූලාශ‍්‍ර කරගත් බව කියන ලින්ක් මදක් පිරික්සා බලන්න. ඉංග‍්‍රීසි ලිපිය සහ ඒහා සමගාමී අනෙකුත් ලිපි වල සදහන් කිසිදු කරුණක් මෙම ලිපිය තුල ඇති පරිදි විද්‍යාව කඩා වැටුණේය යනුවෙන් හුරේ දැමීමට හෝ අයින්ස්ටයින් පට්ටපල් බොරු කාරයෙකු වශයෙන් ඉමහත් ද්වේශයෙන් යුතු ආතල් එකක් ගැනීමට හේතු කාරණා නොවන බව ඒ ලිපි තේරුම් ගැනීමට ප‍්‍රමාණවත් ඉංග‍්‍රීසි දැනුමක් ඔබ සතුනම් ඔබට වැටහෙනු ඇත.
අනෙක් මූලාශ‍්‍රය වශයෙන් දක්වා ඇත්තේ මෙම වෙබ් අඩවිය විසින්ම මීට කලකට පෙර පළකරන ලද පුවතකි. ඒ ලිපියෙන් මෙම ලිපියේ කාරණා සනාථ කිරීමට කිසිදු පිටුබලයක් නොලැබෙන අතර ඉංග‍්‍රීසි ලිපියේ මූලාශ‍්‍රයන් පවා ප‍්‍රමාණවත් වන්නේ මෙහි පෙර පුවත වැනි පුවතක් ප‍්‍රකාශ කිරීමට පමණක් බවත් මෙම ලිපිය මගින් ලබා දී ඇති නිගමනයන් සනාථ කරලීමට එම මූලාශ‍්‍රයන් කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවත් පැහැදිලිය. එනම් මෙම ලිපියේ දැක්වෙන නිගමනයන් එහි සම්පාදක වරයා එක්කෝ පේන කීම මගින් අවබෝධ කරගනු ලැබූ ඒවාය, එසේත් නැතහොත් මෙය තේරුම්ගත හැකි වන්නේ එවැන්නක් නැති බව දනිමින්ම යම්කිසි තේරුම්ගත නොහැකි හේතුවක් නිසා ශ‍්‍රී ලංකාවේ අවිචාරශීලී ජනතාව හා විමර්ශනාත්මක නොවන ජනතාව විද්‍යා විරෝධී දිශානතියක් කරා ගොණු කිරීමේ උවමනාව නිසා විද්‍යාව තුලම ඇතිවූ යම් නව සොයාගැනීමක් තුලින් එහි මෙතෙක් පැවති උපකල්පනයක් බිදවැටීම සමස්ථ විද්‍යාවේම බිද වැටීම වශයෙන් ඔහුගේ අගතිගාමී මතවාදයේ වාසියට තුච්ච ලෙස අර්ථකථනය කිරීමක් වශයෙනි.
රචකයා කියන පරිදි මේ සොයාගැනීම මගින් විද්‍යාව බිද වැටුණේ නම් ඔබ දැන් මේ සටහන කියවන්නේ අන්තර්ජාලය තුලින් වන්නේ කෙසේද. අන්තර්ජාලයත් විද්‍යාව තුලින් බිහිකරන ලද සොයා ගැනීමක් නොවේද. සත්‍ය වශයෙන්ම සමස්ථ විද්‍යාව සාපේක්ෂතාවාදය මත පදනම් වන්නේ නම් සහ සාපේක්ෂතාවාදය බොරු යැයි සනාථ වූ විට සමස්ථ විද්‍යාවම බොරු වන්නේ නම් මෙතෙක් කල් විද්‍යාව තුල සිදු කල සොයාගැනීම්ද සියල්ල බොරු විය යුතුයි නේද. සොයාගැනීම් සියල්ල බොරු නම් ඒ මත පදනම්ව කරන ලද නිපැයුම්ද බොරු විය යුතුයි නේද. හොදින් අල්ලා බලන්න. ඔබ භාවිතා කරන පරිඝනකය බොරුවක්ද කියා. සාපේක්ෂතාවාදය බොරු බව සනාථ වීම නිසා එතකොට සිදුවී ඇත්තේ කුමක්ද. විද්‍යාත්මක පර්යේශකයන් සියළු දෙනා තමන් මෙතෙක් කල් තම පරීක්ෂණ වලට පදනම් කරගත් උපකල්පනය බිදී යාම නිසා පර්යේශණ අතහැර බකංනිලාගෙන සිටීවි යැයි ඔබ සිතන්නේද. නැතහොත් විද්‍යාව අතහැර සත්‍යය ඇත්තේ පෙරදිග බැවින් පර්යේශණ වෙනුවට යාගහෝම බලි තොවිල් ආදිය පටන්ගනු ඇතැයි ඔබ සිතන්නේද. මෙම ලිපිය විස්තර කරන පරිදි සමස්ථ විද්‍යාවේ පදනම දෙදරා ඇත්නම් මා මේ සදහන් කල ප‍්‍රතිවිපාකයන්ගෙන් සියල්ලම නැතත් කිහිපයක් හෝ ඇති විය යුතුමය. ඇත්ත වශයෙන්ම එවැනි කිසිවක් සිදුවීද. නැත. සිදුවී ඇත්තේ විද්‍යාවේ පදනම දෙදරීම නොව වඩාත් නිරවද්‍ය පදනමක් ඒ සම්බන්දයෙන් සොයාගනු ලැබීමය. එය විද්‍යාවේ නව මං පෙතක් විවර කරන සන්ධිස්ථානයක් පමණක් නොව විද්‍යාවේ දියුණුව සම්බන්දයෙන් වන සාධනීය ඉදිරි පියවරක්ද වන්නේය.
නමුත් මෙහිදී සලකා බැලිය යුතු වන්නේ මෙම ලිපියේ රචකයා නවීන විද්‍යාව ජනතාව ඉදිරියේ මෙතරම් හෑල්ලුවට ලක් කිරීමට තරම් එයට වෛර කරන්නේ මන්ද යන්නයි. මෙහිදී මේ සම්බන්දයෙන් නවීන විද්‍යාවේ සිද්ධාන්තමය කාරණා මෙම රචකයාට සහ ඔහු නියෝජනය කරන රෙජීමයට අහිතකර බව පෙනී යයි. එනම් ජීව, රසායන, භෞතික විද්‍යාවන් පමණක් නොව සමාජ, ආර්ථික හා දේශපාලන කරුණුද විමර්ශණය කිරීමෙහිලා සහ විචක්ෂණ ශීලීව ඒ දෙස බැලීමෙහිලා විද්‍යාත්මක ක‍්‍රමවේදය දක්වන කෘතහස්ත භාවයයි. විද්‍යාත්මක ක‍්‍රමවේදයට අනුව යමක් විග‍්‍රහ කිරීමේදී යමක් සිදුවන්නේ අනිවාර්යයෙන්ම යම් හේතුවක් නිසායැයි නියතයක් වශයෙන් සළකනු ලැබේ. මේ අනුව යම් සිදුවීමක් විග‍්‍රහ කිරීමේදී එය බැලූ බැල්මට පෙනෙන ආකාරය පරික්ෂා කිරීමටත් එය බැලු බැල්මට කෙසේ පෙනුනත් එහි සත්‍ය තත්වය කුමක්ද යනුවෙන් නිරීක්ෂණය කිරීමටත් එයට හේතු සොයාබැලීමටත් ඒ මගින් නිගමනයන්ට පැමිණීමටත් පුද්ගලයා තුල පෙළඹීමක් ඇති වන්නේ යමක් විද්‍යාත්මකව විග‍්‍රහ කර බලන විටදීය.සාමාන්‍ය ජනයා එසේ විග‍්‍රහ කිරීමට ගියහොත් සමාජ, ආර්ථික, දේශපාලන මෙන්ම සංස්කෘතික යන අංශ වලදී පිළිවෙලින් වංචාකරුවන්, හොර වෙළෙන්දන්, දුෂිත දේශපාලනඥයන් සහ සංස්කෘතියට මුවා වෙමින් මිත්‍යා මත පතුරුවන්නන් අපහසුතාවයට පත්වෙති. මන්ද ඔවුන්ගේ සෑම සියළු ක‍්‍රියාවක් දෙසම මහජනයා මනා විමසිල්ලෙන් බලා සිටින නිසාය. එබැවින් ජනයා තුල හේතු සාධක මත පදනම් වන විද්‍යාත්මක ක‍්‍රමය පිළිබද අවිශ්වාසයක් ජනිත කරවීම තුලින් මෙම හේතු විමර්ශනය කිරීමේ, ප‍්‍රශ්න ඇසීමේ කරදරකාරී සංස්කෘතියෙන් මහජනයා දුරස් වේ. එවිට සිටිනුයේ කිසිදා ප‍්‍රශ්න නොඅසන, කිසි දෙයක් පිළිබද ගැඹුරින් නොසිතන, තමන්ගේ අයිතීන් කිසිදා නොඉල්ලන කොටින්ම දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සිටින මහ ජනතාවකි. මෙම තත්වය යටතේ පාලකයන්ගේ කටයුතු අතිශය පහසු බවට පත්වේ. ඔවුන්ට කිසිදු අභියෝගයක් එල්ල නොවේ. සැපසේ නින්ද යයි. ඔවුන්ට දිගුකාලීන වසන්ත සමයක් උදා වේ. ලංකාවේ සියල්ලන් මෝඩයන් නොවන නිසා මෙම තත්වය සීයට සීයක් සාක්ෂාත් කරගැනීමට නොහැකි වන බව සත්‍යයකි. නමුත් මෙම තත්වය දිගුකාලීනව පවත්වාගෙන යාමට බහුතරය මෙම තත්වයට පත් කිරීම සෑහේ. වර්තමානයේ කඩපලේ, දුම්රියපලේ, බස් නැවතුමේ අපිට හමුවන සමාජ, දේශපාලන හා ආර්ථික සංසිද්ධීන් කෙරෙහි උදාසීනත්වයක් දක්වන බහුතර ජනතාව මෙම අධිපතිවාදය බුද්ධිමය ලෙස විශුද්ධිකරණයට ලක් කිරීමේ ක‍්‍රියාවලියේ ගොදුරුය.
එබැවින් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය යන අපේ අතීත කියමන යථාර්ථයක් කරගැනීමට නම් කියන්නා සැබෑම සිද්ධිය කියන්නට පෙර කියන ප‍්‍රලාප වලින් අපේ සිහිබුද්ධිය අවුල් නොකරගෙන සිටීමට අප වගබලාගත යුතුය.
සත්‍ය වශයෙන්ම විද්‍යාවේ නව මංපෙතක් විවර වීමක්, විද්‍යාව නිවැරදි මාවතකට යොමු වීමක් මෙම රචකයා විද්‍යාවේ පදනම දෙදරා එය බිද වැටීමට පටන් ගැනීමක් වශයෙන් සත්‍ය තත්වය විකෘති කොට දැක්වීම සහ එවැනි අගතිගාමී සාවද්‍ය සිතුවිල්ලක් ජනතාවට කාවද්දන්නට උත්සාහ ගන්නේ මන්ද යන කාරණය ඇත්තෙන්ම සළකා බැලීම වටී. ඒ ගැන මදක් සිතා බලන්න.

 
1 Comment

Posted by on September 24, 2011 in Uncategorized

 

ජිනීවාහිදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ලාංකිකයින්ම ක‍්‍රියා කිරීම නින්දාසහගතද?


මේ පලකරලා තියෙන්නෙ ලංකා සී නිවුස් වෙබ් අඩවියෙ (lankacnews.com) පළකරලා තිබුණ ලිපියකුයි ඒකට දාලා තිබුණ කමෙන්ට්ස් (comments) ටිකකුයි. මගේ කමෙන්ට් එකකුත් පහලින් තියෙනවා. කියවලා බලන්නකෝ.

ජිනීවාහිදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ලාංකිකයින්ම ක‍්‍රියා කිරීම නින්දාසහගතයි

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රැස්වෙන අවස්ථාවේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ශ‍්‍රී ලාංකිකයින්ම පිරිසක් කටයුතු කිරීම නින්දා සහගත ක‍්‍රියාවක් බව ඉදිකිරීම්ල ඉංජිනේරු සේවාල නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයිග ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රැස්වන අවස්ථාවේදී මෙම පිරිස ජිනීවා නුවරට ගොස් ඔවුන් ඉටුකරන්නේ කොටි සංවිධානයේ උවමනාවන් නොවේදැයි අමාත්‍යවරයා ප‍්‍රශ්න කරයිග එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙක් කාලයක් තිස්සේ ජිනීවා නුවරට ගොස් ශ‍්‍රී ලංකාවට අවාසි වන ආකාරයෙන් කටයුතු කරයිග මීට අමතරව රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් නියෝජනය කරන ශ‍්‍රී ලාංකිකයින් පිරිසක්ද ජිනීවා නුවරට ගොස් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අසත්‍ය මත ප‍්‍රචාරය කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයිග බෙදුම්වාදය සමග එකතුවෙලා ශ‍්‍රී ලංකාව කොටුකර ගැනීමට කෙතරම් උත්සාහ දැරුවත් එය සාර්ථක නොවන බවත් ලෝකයේ බහුතරයක් රටවල් බෙදුම්වාදයට එරෙහිව ශ‍්‍රී ලංකාවේ අභිමානය වෙනුවෙන් පෙනී සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේයග විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ හගුරන්කෙත ” විමල්පුර” ජනසෙවණ නිවාස ගම්මානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනිග

‘ජනසෙවණ’ නිවාස දස ලක්ෂයේ වැඩසටහන සදහා ලබන වසරට :2012* විශාල මුදලක් වෙන්කරනවාග ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම සියලූ මුදල් මේ රටේ නිවාස නොමැති ජනතාවට හිසට සෙවණක් ලබාදීම සදහා යොමුකරන්න තීරණය කරල තියෙනවාග ජනසෙවණ නිවාස දස ලක්ෂයේ වැඩසටහන රට පුරා සාර්ථකව ක‍්‍රියාත්මක වීමට ප‍්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එය ජන සහභාගිත්වයෙන් සිදුවන නිසයිග” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය

රජය යටතේ ඉඩම් තිබුණට ඉඩම්වල අයිතිය තිබෙන්නේ මහජනතාවටයිග රජයට ඇත්තේ ඉඩම්වල භාරකාරත්වය පමණයිග මෙම හගුරන්කෙත බස්ටියාවත්ත ප‍්‍රදේශයේ ඉඩම් මෙම පවුල්වලට අයිතිබව තහවුරුවෙලා තියෙනවාග කාලයක් තිස්සේ මෙම ඉඩම්වල ජීවත්වුනු එම ජනතාවට ස්ථීර නිවාස තිබුණේ නැහැග එම ගැටඵ විසදන්න නියමාකාරයෙන් මැදිහත්වීම වැරැද්දක් වෙන්නේ කොහොමද? ඒක නිසා දේශපාලන ප‍්‍රතිවිරුද්ධ මත දරණ පිරිස් මෙම වැඩසටහනට විරුද්ධවීම වැරදියිග මෙම නිවාස ගම්මානය ඉදිකිරීම සදහා සාලිය බණ්ඩාර දිසානායක මහතා ගන්නා වෙහෙස අප අගය කරනවාග රටේ සංවර්ධනයේ ප‍්‍රධානතම අංගයක් වන්නේ මේ රටේ නිවාස ගැටඵව විසදීමයිග නිවාස ගැටඵව විසදුනොත් පමණයි පවුල් ඒකකය ශක්තිමත් වන්නේග ඒ නිසා වෙනත් සංවර්ධන ව්‍යාපෘතිවලට සමගාමීව නිවාස ගැටඵවත් විසදිය යුතුයිග ත‍්‍රස්තවාදයෙන් නිදහස් කරගත් රට මේ වන විට සීඝ‍්‍ර සංවර්ධනයක් කරා ගමන්කරනවාග ආර්ථික කළමනාකරණය අතින් ලෝකයේ 63 වෙනි ස්ථානය හිමිකරගත් ශ‍්‍රී ලංකාව මේ වන විට 52 වෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙන බව පසුගියදා ප‍්‍රකාශයට පත්වූ වාර්තාවකටත් ඇතුලත් වෙලා තිබුණාග නමුත් ඇතැම් ජාත්‍යන්තර බලවේගවලට අවශ්‍යවෙලා තියෙන්නේ අපේ රට ආර්ථික වශයෙන් කොටුකරන්නයිග ඒ නිසා අසත්‍ය චෝදනා එල්ල කරමින් රටට මානව හිමිකම් චෝදනා එල්ල කරන්න ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවාග මේ දවස්වල ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය රැස්වෙනවාගශ‍්‍රී ලංකා අභිමානය වෙනුවෙන් බහුතරයක් රටවල් අපත් සමග සිටිනවාග නමුත් අපේ රටේම ඇතැම් කොටස් ජිනීවා නුවරට ගිහිල්ලා අපේ රටට එරෙහිව හතුරුකම් කරනවාග ඒ කිසිම හතුරු බලවේගයකට අපේ රට වට්ටවන්න බැහැග ඒ නිසා රටේ අභිමානය රැකගැනීම වෙනුවෙන් පෙළගැසීම සියලූ ශ‍්‍රි ලාංකිකයන්ගේ වගකීමක් ” බවද වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේයග

COMMENTS
1. Lion`s says:
September 14, 2011 at 1:14 pm

deshathdrohi jayalathayawa gal gahala maranna one.. salli walata prabage p..a lowana balla..

2. Nalin says:
September 14, 2011 at 12:05 pm

Oya jayalath kiyana ballawa gatagahala thiyanna one fonsekata kala widihata…..

3. සිහල.ගමුනු says:
September 14, 2011 at 11:51 am

අනිවාර්යයෙන්ම සුනන්ද දේශප්‍රිය සහ ජයලත් ජයවර්ධන පර දෙශද්‍රොහියො

4. Honda Helaya says:
September 14, 2011 at 11:36 am

දැන් ඔතනින් නිවාස කිහිපයක් අර උතුරේ අවතැන් වෙලා ඉන්න කිහිප දෙනෙකුටත් දුන්නානම් වැඩේ තවත් අගේයි !

5. මගේ කමෙන්ට් එක
ඕකෙ මෙහෙම පැත්තකුත් තියනවා. අද ලංකාවෙ විශාල වශයෙන් විරුද්ධ මත මර්ධනය කිරීමක් තියනවා. ශ‍්‍රී ලංකාවෙ බහුතර ජනතාව සිංහල ජාතිවාදයෙන් අන්ධ වෙලා ඉන්නෙ. ඉතින් බොහෝ විට ජනප‍්‍රිය නොවන ඇත්ත කතා කරනකොට එ්කට සවන් යොමු කරන පිරිස අඩුයි ලංකාව ඇතුලෙ. බිම් මට්ටමේ ජනතාවගෙන් 99% ක්ම හිතාගෙන ඉන්නෙ මහින්ද රාජපක්ෂ දෙවිකෙනෙක්, එතුමා අපිට අවැඩක් කරන්නෙ නෑ කියලා. තවත් සමහරු හිතාගෙන ඉන්නවා යුද්ධෙ අවසන් කරපු හින්දා මේ ආණ්ඩුවට ඕන දහජරා වැඩක් කරන්න ලයිසන් දෙන එක යුතුකම් ඉටුකිරීමක්, කළගුණ සැලකීමක් කියලා. ඉතින් මේ සිදුවන දහජරා වැඩ පිළිබ`ද ලංකාවෙදි කියලා වැඩක් නැති තත්වයක් පාලක පක්ෂය නිර්මාණය කරලා තියනවා. එතකොට එහෙම වැඩ ඇත්තටම වෙනවා නම් එ්වා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්න වේදිකාවක් කොහෙන් හරි හොයාගන්න සිද්ධ වෙනවා. මම ජයලත් ජයවර්ධනයි සුනන්ද දේශප‍්‍රියයි දෙන්නම ශුද්ධවන්තයෝ නොවන බව හොදටම දන්නවා. එ්ත් මේ වෙලාවෙ එ් ගොල්ලො කරන වැඬේ වැරදි කියලා කියන්න බෑ. මොකද ලංකාවෙ මානව හිමිකම් කඩවෙනවා කියන එක අසත්‍යයක් නොවන හින්දා.
අනික එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කියන්නේ සාමාජික රටවල මානව හිමිකම් ආරක්ෂා කරන්න අපේ රටත් එකතුවෙලා පිහිටුවාගත්ත සංවිධානයක්. එ්කෙ සාමාජික රටවල පුරවැසියන්ට නීත්‍යානුකූල අයිතියක් තියනවා තමුන්ගෙ රටේ මානව හිමිකම් කඩ වෙනවා නම් එතනට ගිහින් එ්ක ප‍්‍රසිද්ධියේ කියන්න. එතකොට අපහසුතාවයට පත්වෙන්නේ එ් අදාළ රටේ රජය මිසක් රාජ්‍යය නෙවේ. එතකොට එ්ක පාලක පක්ෂයට එරෙහිව ගන්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාමාර්ගයක් හැටියට මිසක් දේශද්‍රෝහී කි‍්‍රයාවක් විදියට අර්ථදක්වන්න බෑ. මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ අපහසුතාවයට පත්වෙන්න අකමැතිනම් රජයට පුළුවන් මර්දනකාරී නීති ඉවත් කරලා විකල්ප මත වලට අවස්ථාවක් දෙන්න. තේරෙන බාසාවෙන් කියනවනම් බොක්කෙන්ම මානව හිමිකම් රකින්න රජයකට බැරි නෑ. එ්ත් රජයක් එහෙම නොකරන්නෙ එතනින් ලැබෙන ලිහිල ප‍්‍රයෝජනයට අරගෙන වෙනත් පක්ෂයක් බලයට පත්වෙයි කියන බයට මිසක් වෙන ශුද්ධවන්ත අරමුණකින් නම් නෙවෙයි. මේකට සාධාරණ හේතුවක් විදියට රජය මවා පෙන්නනවා හරියට ලෝකෙ රටවල් ඔක්කොම අපේ රටින් කෑල්ල කෑල්ල කඩාගන්න බලාගෙන ඉන්නවා වගේ. පාලක පක්ෂයට විරුද්ධව එන මතවාද එ් විදියේ බටහිර කුමන්ත‍්‍රණ වල ප‍්‍රතිපලයක් හැටියට සමස්ථ රටටම එල්ලවෙන අභියෝග විදියට මිනිස්සුන්ට එ්ත්තු ගන්වලයි තියෙන්නේ.
නාමල් රාජපක්ෂ මන්ත‍්‍රී වරයා ප‍්‍රසිද්ධියේ කොළඹ පැල්පත් වාසීන්ට තර්ජනය කරනවා තමන්ගෙ පක්ෂෙට චන්දෙ දුන්නෙ නැත්නම් කොළඹින් පිටමං කරන බවටත් විකල්ප නිවාස සාදා නොදෙන බවටත්. මේ ගෙවල් හදන්නෙ නාමල් රාජපක්ෂගේ අම්මගෙ අප්පගෙ බූදලෙන් නෙවෙයි. මේ රටේ පක්ෂ විපක්ෂ ජනතාව හැමෝම ගෙවන බදු මුදල් වලින්. මේවා අසාධාරණකම් නෙවෙයිද. එ් අසරණ මිනිස්සු මේවා කාටද කියන්නෙ. ස්වාධීනව කටයුතු කරන මාධ්‍යවේදීන්ට පහරදෙනවා. නිදහස් මතවාද මර්ධනය කරනවා. දහස් ගණන් අහිංසක දෙමළ වැසියන් චෝදනා එල්ල කරන්නෙවත් නඩු පවරන්නෙවත් නැතුව රදවාගෙන ඉන්නවා. විශ්වවිද්‍යාල සිසුන්ට ආණ්ඩු පක්ෂයෙ දේශපාලන රැුස්වීම් වලට එන්න කියලා රාජකාරි මට්ටමෙන් බලපෑම් කරනවා. එ්වට ගියෙ නැත්නම් කැදවලා නිදහසට කරුණු විමසනවා උපකුලපති. අද සනත් බාලසූරිය, පෝද්දල ජයන්ත වගේ නිදහස් මාධ්‍යවේදියන්ට මේ රටේ ඉන්න බැරිවෙලා තියෙන්නෙ ඇයි. සමහරු කියයි දේශද්‍රෝහී වැඩ කරපු නිසා කියලා. එ්ත් එ් දෙන්නගෙ ලිපි කියවපු කෙනෙකුට නම් එහෙම කියන්න බෑ හෘදය සාක්ෂියට එකගව. මං අහන්නෙ මේවා මානව හිමිකම් කඩවීම් නෙවෙයිද. මේවාට තමන්ගෙ රට ඇතුලෙදි සාධාරණයක් ඉටු නොවෙනකොට එ්කට සාධාරණයක් ඉටුකරගන්න පුළුවන් තැනකට යාම දේශද්‍රෝහී කමක්ද.
ගෙදර යකෙක් ඉන්නවනම් එ් යකා ගෙදර ඉන්න උන් එකා එකා කාගෙන යනකොට ගෙදර තියෙන පොලූ මුගුරු වලින් ගහලා අපි ඌව එලවන්න හදනවා. එ්ත් එහෙම කරලත් යකාට දැනෙන්නෙවත් නැත්නම් ඌ යකා වුණත් ඉන්නෙ අපේ ගෙදරනෙ කියලා අපි කරබාගෙන ඉන්නවද. නැත්නම් මෙන්න යකෙක් ඇවිල්ලෝ……. අපිව බේරගන්න වරෝ…….. කියලා ගමටම ඇහෙන්න බෙරිහන්දෙනවද. ටිකක් යථාර්ථවාදීව කල්පනා කරලා බලන්න. මේ දේශපේ‍්‍රමිත්වය කියලා පාලක පක්ෂය අපි මත බලෙන් පටවලා තියෙන්නේ පාලක පක්ෂ පේ‍්‍රමිත්වයක් මිසක් සැබෑ දේශපේ‍්‍රමයක් නොවන බව තේරුම් ගන්න. කේන්ති නොගෙන ටිකක් හිතලා බැලූවොත් තේරෙයි. එහෙම වුණත් නොතේරෙන අය ඉන්නවනං එ් අය සීනිගම දේවාලෙට ගිහිල්ලා මටත් දේශද්‍රෝහියෙක්ය කියලා පොල් ගැහුවට කමක් නෑ.

Reply to my comment

kuweni says:
September 14, 2011 at 1:42 pm

@ Wisammuthi කියන බල්ලට කියන්නේ අඩෝ තෝ වගේ කාලකන්නි නිසා thamai මේ රටට ඉස්සරහට යන්න බැරි කාල කන්නියෝ තෝ ඉස්සර වෙලාම රටට ආදරය කරපන් , පහර බල්ලා නිකන් ගොන් කතා කියන්නේ නැතුව

 
3 Comments

Posted by on September 14, 2011 in Uncategorized

 

“වවුලාගෙ ගෙදර ගියානම් එල්ලිලා හිටු” සංකල්පය ශ‍්‍රී ලංකාවේ උපයෝජනය කිරීම


මේ වසරේ හලාවත මුන්නේශ්වරම් කෝවිලේ සංවිධානය කර තිබූ මහා සත්ව බිලි පූජාව අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ මැදිහත් වීමෙන් අත්හිටුවන ලද බව වාර්තා විය. සියගණනක් වූ අහිංසක සතුන් නිකරුණේ ඝාතනය කිරීම මහත් අපරාධයක් වන අතර එය අත්හිටුවීමට යමෙකු ඉදිරිපත් වන්නේ නම් එය පැසසිය යුතු කාරණාවක් බව සත්‍යයකි. කෙසේ වෙතත් බෞද්ධාගමට අනුව මේ සත්ව ඝාතනය සුවිශාල පාපකර්මයක් ලෙස ගණන් ගැනෙන අතර මේ පුවත අසා හූල්ලන සිංහල බෞද්ධ ශ‍්‍රී ලාංකිකයින් සුළුපටු නොවේ. කෙසේ වෙතත් මෙම සටහන ලියැවෙන්නේ මෙතෙක් කල් සාම්ප‍්‍රදායිකව සිදු කරගෙන ආ එම සුවිශාල සත්ව ඝාතනය කිසිසේත්ම සාධාරණීකරණය කිරීම ස`දහා නොවන බවත් මේ හරහා පැන න`ගින්නාවූ ආනුශංගික කාරණා කීපයක් පිළිබ`දව ජනප‍්‍රිය නොවන විග‍්‍රහයක යෙදීම ස`දහා පමණක් බවත් මෙහිදී කිවමනාය.
ශ‍්‍රී ලංකාවේ ජීවත් වන මහජනතාවගෙන් බහුතරයක් සිංහල බෞද්ධයන් ය. බෞද්ධ දර්ශනයට අනුව කිසිම සතෙක් ඝාතනය කිරීමට තවත් සතෙකුව අයිතියක් නොමැත. මෙහිදී මූලධර්මයක් ලෙස අදාළ කරගනු ලබන්නේ සෑම සත්ත්වයෙකුටම තමන්ගේ ජීවිතය ස`දහා අයිතිවාසිකමක් ඇති බවය. එ් අනුව හුදෙක් බෞද්ධ දර්ශනය තුල විග‍්‍රහ කිරීමේදී පමණක් නොව සාමාන්‍යයෙන් තර්කානුකූලව සිතන විටදී වුවද මෙම අනුන්ගේ ජීවිත සොරාගැනීමට අයිතිවාසිකමක් නොමැති බව පිළිගැනීමට සිදුවන්නේය. මර්වින් සිල්වා අමාත්‍ය වරයා මෙම පියවර ගනු ලැබුවේ ඉහත ආකාරයෙන් භෞතික වාදී දෘෂ්ටිකෝණයකින් මෙම සිදුවීම දෙස බලා යැයි සිතනවාට වඩා සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන ශ‍්‍රී ලංකාවේ බාල මට්ටමේ ජනප‍්‍රියත්වයක් අත්පත් කර ගැනීමේ අරමුණින් බව කල්පනා කිරීම වඩාත් යථාර්ථවාදී බව මෙම කතානායකයාගේ අතීත හැසිරීම් රටාවන් පිළිබ`දව සිංහාවලෝකනයක යෙදීමේදී පැහැදිලි වන බවට අටුවා ටීකා අවශ්‍ය නැත.
මෙම සිදුවීම හේතුවෙන් හටගනු ලබන ප‍්‍රතිවිපාක 2ක් වන අතර එම ප‍්‍රතිවිපාක වල වාසිදායක බව කෙලින්ම මර්වින් සිල්වා අමාත්‍ය වරයාගේ ගිණුමට බැරවේ. පළවෙනි ප‍්‍රතිවිපාකය නම් මර්වින් සිල්වා යනු අසරණ එළුවන්ගේ හා කුකුලන්ගේ ජීවිත වෙනුවෙන් උණුවන හිතක් ඇති සැබෑ බෞද්ධයෙකු බව බහුතර සිංහල බෞද්ධයන්ට එ්ත්තු යාමය. දෙවැන්න ඔහුගේ අතීත ක‍්‍රියාකලාපයන් ආවරණය කර මර්වින් සිල්වා චරිතාපදානය අළුතින්ම ලිවීමට අවශ්‍ය මානසික ඉන්ධන ඔහුගේ අනුගාමිකයන්ට සහ ඔහුගෙන් ගුටි කකා ඔහුගේම ගුණගයන වන්දිභට්ට මාධ්‍ය ප‍්‍රජාව වෙත ලැබීමය.
මෙහිදී නිදහස් කරගන්නා ලද සතුන්ගේ ජීවිත ආරක්ෂා වීම මෙහි යහපත් ප‍්‍රතිවිපාකය ලෙස තවත් කෙනෙකු දකිනු ඇත. මෙම සතුන්ගේ ජීවත් වීමේ අයිතිය මෙතැනින් එහාටද තහවුරු කිරීමට හැකිනම් එම මතයටද යම් සාධාරණත්වයක් හිමිවන බව සැබෑවකි. නමුත් මේ ආකාරයෙන් බේරාගන්නා ලද එළුවන් හා කුකුලන් මෙයින් පසු අභය භූමියක් වෙත නොයවන බව සිහිබුද්ධිය ඇති ඕනෑම අයෙකුට වැටහෙන කාරණයකි. එම නිදහස් කරගන්නා ලද සතුන් ප‍්‍රමාණය 200ක් නම් එම 200න් අඩුම තරමේ සතුන් දෙදෙනෙකු වත් ස්වභාවික මරණයකින් ජීවිතය අවසන් කර ගැනීමට වාසනාව නොලබන බව පැහැදිලිය.
එසේ වුවුද පසුව ඔවුන් මරණයට පත් කරනු ලබන්නේ ආහාරයට ගනු ලැබීම වැනි යම්කිසි ප‍්‍රයෝජනවත් කටයුත්තක් උදෙසා වන බැවින් එම මරණයන් සාධාරණීකරණය කළහැකි වන බවටද මෙහිදී තර්ක කළ හැකිය. මා මුලින් ස`දහන් කරන ලද පරිදි භෞතිකවාදී දෘෂ්ටකෝණයෙන් මෙම කාරණාව විග‍්‍රහ කරන්නේ නම් මෙම සාධාරණීකරණය අතිශය තර්කානුකූල වනවා පමණක් නොව සුවිශාල ආර්ථිකමය අපතේ යාමක් වලක්වනසුළුද වන්නේය. නමුත් මෙහිදී මෙම ඝාතනය අත්හිටුවීම අදාළ අමාත්‍ය වරයා විසින් සිදුකරන ලද්දේ බුද්ධ ධර්මය ප‍්‍රදාන ආගම ලෙස පිළිගන්නා රටක මෙවැනි ක‍්‍රියා එම රටේ ප‍්‍රධාන ආගමේ සංකල්ප සම`ග පරස්පරතාවයක් දක්වන නිසාවෙන් නම් ඉහත සාධාරණීකරණය එහෙම පිටින්ම විහිළුවක් බවට පත්වේ. නිකරුණේ මරණයට පත්කිරීමට සිටි සතුන් කණ්ඩායමක් බෞද්ධ දර්ශණයේ නාමයෙන් මුදාගෙන එම සතුන් ප‍්‍රයෝජනවත් ලෙස මරණයට පත්කිරීමට කටයුතු කිරීම වැස්සට හාමුදුරුවන්ගේ කුඬේ යටට රිංගා වැස්ස පෑයූ පසු හාමුදුරුවන්ට ටොක්කකුත් ඇණ කුඩෙත් රැුගෙන දුවනවා වැනි එකකට එකක් නැති පරස්පර ක‍්‍රියාවකි. බේරාගනු ලබන අවස්ථාවේදී බෞද්ධ දර්ශනයේ බලපෑමට යටත්වූ මෙම සත්ව ප‍්‍රජාව ප‍්‍රයෝජනවත් ලෙස මරණයට පත්කරලීමකදී බෞද්ධ දර්ශනයේ බලපෑමෙන් මිදුණාහු වෙත්ද?
එබැවින් මෙය මෙම සතුන් උදෙසා පහළ වූ සැබෑ කරුණාව හා දයාව හේතුකොටගෙන බෞද්ධාගමේ නාමයෙන් සිදුකරන ලද සත්ක‍්‍රියාවක් යැයි සිතීම මුලාවකි. මෙම සතුන් පිළිබ`ද පුවත යටයාමෙන් පසු හලාවත පොලීසිය මෙම සතුන් සම්බන්දයෙන් ගනු ලබන ක‍්‍රියාමාර්ගය කුමක්දැයි බලා සිටීම ආශ්වාදජනක වනු ඇත. බොහෝවිට උන් එකා එකා පොලීසියේ මහත්වරු විසින්ම ගෙදර ගෙනයනු ඇත. නැතහොත් මසට අලෙවි කිරීම ස`දහා නැවතත් අතයට ගණුදෙනුවක් වශයෙන් විකුණනු ඇත. එබැවින් මෙහිදි බෞද්ධාගම නැමති සංකල්පය උපයෝගී කොටගෙන ඇත්තේ හුදෙක් බෞද්ධ ජනතාවගේ ප‍්‍රසාදය දිනාගැනීමේ උප්පරවැට්ටියක් වශයෙන මිස සැබැවින්ම එ් අසරණ සතුන්ගේ දිවි ගැලවීමේ පිවිතුරු චේතනාවෙන් නොවන බවනම් පැහැදිලිය.
මේ පිළිබ`දව විග‍්‍රහ කළ යුතු තවත් එක් පැතිකඩක් ඇත. එ් මෙම බිළි පූජාව සංවිධානය කළ හින්දු ආගමික ප‍්‍රජාවේ දෘෂ්ටකෝණයෙන් මෙම ගැටළුව විග‍්‍රහ කිරීමයි. හින්දු ආගමික ප‍්‍රජාව යනු 99%ක්ම දෙමළ ජනතාවයි. දෙමළ නොවන හින්දු භක්තිකයින් ජීවිත කාලයටම මට මුණගැසී ඇත්තේ එක් අයෙකු පමණි. පසුගිය කාලයේ දෙමළ ජනතාව විසින් හ`ඩ නගන ලද්දේද, ත‍්‍රස්තවාදය වෙත ඇදී යන ලද්දේද ශ‍්‍රී ලංකාව තුල ඔවුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් නිසි පරිදි තහවුරු නොකෙරෙන්නේය යන පදනමේ සිටිමිනි. බොහෝ දෙනා මෙම ගැටළුව ස`දහා දෙනු ලබන පටු අර්ථකථනය නම් දෙමළ ජනයාට කියා විශේෂයෙන් ප‍්‍රශ්න නොමැති බවත් ප‍්‍රශ්න සමස්ථ ශ‍්‍රී ලාංකීය ජනතාවටම අදාළ වන බවත් එබැවින් දේශපාලන විස`දුමක් කියා විශේෂ යමක් දෙමළ ජාතිකයන්ට ලබාදීම අනවශ්‍ය බවත්ය. ශ‍්‍රී ලංකාවේ දේශපාලන තත්වය පිළිබ`ද පැහැදිලි අවබෝධයක් නොමැති මුග්ධයෙකු මෙසේ කීවාට කම් නැත. එහෙත් මේ මතය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්නේ ආරක්ෂක ලේකම් වරයා විසින්මය. දෙමළ ජනතාවට පවතින ප‍්‍රශ්න වල එක්තරා පැතිකඩක් මෙම සංසිද්ධිය ආශ‍්‍රයෙන්ද විග‍්‍රහ කළ හැකි වන්නේය.
මෙහිදී අප වටහාගතයුතු යථාර්ථය නම් දෙමළ හින්දු භක්තිකයන් යනු බෞද්ධයන් නොවන බවයි. ඔවුන්ට වෙනම ආගමක්, විශ්වාස, අගනාකම් යනාදිය ඔවුන්ටම විශේෂිත වූ ආකාරයකට පවතින්නේය. ඔවුන් ජීවත් වීමට කැමති වන්නේ, ඇත්ත වශයෙන්ම ඔවුන් ජීවත් විය යුත්තතේ ඔවුන්ගේ ආගම විසින් උගන්වනු ලබන ඔවුන්ට ආවේණික අගනාකම් මත මිස බෞද්ධාගමේ අගනාකම් හෝ විශ්වාසයන් මත නොවේ. එසේ ජීවත් වීමට ඔවුන්ට අයිතිවාසිකමක් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ම`ගින්ම ලබාදී ඇත්තේය. අප දෙමළ ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවටත් එ්වාට ගරු කරන බවටත් ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ දහ අතේ දිවුරමින් මේ කරන්නේද ඔවුන්ගේ ආගමික අයිතිවාසිකම් වලට වැටකඩුළු බැ`දීම නොවන්නේද? මෙම බිලි පූජාව බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් පාප කර්මයක් වශයෙන්ද, භෞතිකවාදී දෘෂ්ටිකෝණයෙන් ආර්ථිකමය අපරාධයක් වශයෙන්ද විග‍්‍රහ කළ හැකි වුවද හින්දු ආගමික දෘෂ්ටිකෝණයෙන් එය විග‍්‍රහ කෙරෙන්නේ මහා පුණ්‍ය කර්මයක් වශයෙනි. භෞතිකවාදියෙකු විසින් බෞද්ධයෙකුට මල් කඩා පූජා කිරීම නිෂ්ඵල කි‍්‍රියාවක් බව අවබෝධ කරවීමට අපොහොසත් වන්නේ යම් සේද හින්දු භක්තිකයෙකුට මෙම බිලි පූජාව නිෂ්ඵල වන බවත් මහා පාපයක් බවත් අවබෝධ කරවීමට භෞතික වාදියෙකු හා බෞද්ධයෙකු අසමත් වන්නේමය. අප කුඩා කල පටන් ජීවත් වූ බෞද්ධාගමික සමාජය හා ඇදහිලි විශ්වාස සත්‍ය බව අප විශ්වාස කරන අයුරින්ම හින්දු භක්තිකයාද ඔහුගේ ආගමික ඉගැන්වීම් ප‍්‍රකාරව මෙම බිලි පූජාව පුණ්‍ය කර්මයක්ම බව ඇදහීම මෙයට හේතුවයි. එබැවින් නිතැතින්ම මෙම සංසිද්ධිය ද්‍රවිඩ, හින්දු දෘෂ්ටියට අනුව විග‍්‍රහ කෙරෙන්නේ මහජාතිය වන සිංහල බෞද්ධයන් විසින් ඔවුන්ගේ ඇදහිලි විශ්වාස වලට මෙන්ම ආගමික අයිතිවාසිකම් වලටද එල්ලකරන ලද තදබල පහරක් වශයෙනි. සිංහල බහුතරය හා එක්ව ජීවත් වීමට නොහැකි බවටත් තමන්ට වෙනම රාජ්‍යයක් අවශ්‍ය බවත් ද්‍රවිඩයා විසින් නිගමනය කරනු ලැබීමට මෙම සිද්ධියම ප‍්‍රමාණවත් නොවන්නේද?
මෙයට බොහොමයක් දෙනා ලබාදෙන පිළිතුරවන්නේ ”වවුලාගේ ගෙදර ගියානම් එල්ලිලා හිටු” වැනි පිළිතුරකි. එනම් මෙය සිංහල බෞද්ධ රාජ්‍යයක් බවත් මෙහි වෙනත් ආගම් හා ජාතීන් නියෝජනය කරන පුරවැසියන් තම ආගමික හා සංස්කෘතික කටයුතු වල නිරතවිය යුත්තේ සිංහල බෞද්ධ සිරිත් හා විශ්වාසයන්ට යටත්ව බවත් සිංහලයන් කියනු ඇත. එ් ස`දහා ”මේ ගෙදර වවුලාගේ විතරක් නොවේය” යන පිළිතුර ද්‍රවිඩ ප‍්‍රජාව විසින් ලබාදෙනු ඇත්තේය. මෙම සංවාදයම ගැටුමක් නිර්මාණය වීම ස`දහා දෙපාර්ශවයටම මනා හේතුවක් සපයනු ඇත්තේය.
එබැවින් අපගේ සිහිනයේ පවතින සියළු ජාතීන් සමගියෙන් හා සහජීවනයෙන් ජීවත්වන රට බිහි වන්නේ බෞද්ධ, කතෝලික, ක‍්‍රිස්තියානි, මුස්ලිම් හෝ හින්දු වැනි එක් එක් ජනකොටස් වලට පමණක් අදාළ වූ බාධක හා සීමා වලින් හිරකරනු ලැබ නොවන බව මෙහිදී වටහා ගැනීම වැදගත්ය. සියළු ජාතීන් සමගියෙන් සාමයෙන් ජීවත් වන රටක් අප නිර්මාණය කරන්නේ සුළුතරය වෙත බෞද්ධ සංස්කෘතිය බලෙන් පටවමින් නම් එම සමගි සම්පන්න රාජ්‍යය කිසිදාක බිහි නොවනු ඇති අතර එය බිහිකරගැනීමට අපට අවශ්‍යනම් සුළු ජාතීන්ගේ ආගමික හා සංස්කෘතික විශ්වාසයන්ට ගරුකරන හා ඔවුන්ගේ ආගමික ක‍්‍රියාකාරකම් අපගේ ආගමික විශ්වාසයන් හා පරස්පර වුවද කරබාගෙන සිටින උසස් මානසික තත්වයක් අප තුල බිහිකර ගැනීම අනිවාර්ය වන්නේය. එසේ නොමැතිනම් ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නය කිසිදා නොවිසෙ`දනු ඇති අතර අනාගතයේ එක්තරා දිනක ශ‍්‍රී ලංකාව නියත වශයෙන්ම රාජ්‍යයන් කිහිපයකට බෙදී යාමේ අවධානම පවතින බවද අප අවබෝධකරගත යුත්තේ ය.

 
2 Comments

Posted by on September 13, 2011 in Uncategorized

 

ඊනියා බුද්ධිමය විශුද්ධිකරණය තුල ශ‍්‍රී ලාංකීය පුරවැසියාගේ ගැලවීම


වර්තමාන ශ‍්‍රී ලංකාවේ බොහෝ දෙනා දේශපාලන, සමාජ, ආර්ථික ප‍්‍රවණතා කෙරෙහි යම්කිසි ඇල්මැරුණු ස්වභාවයකින් ප‍්‍රතිචාර දක්වනු නිරීක්ෂණය කළ හැකිය. මෙම සමාජ, ආර්ථික හා දේශපාලනික ප‍්‍රවණතා විග‍්‍රහ කිරීමට ඉදිරිපත් වන ඇතැමුන්ද ඒ පිළිබදව සමබර වූත් විචක්ෂණශීලී වූත් විදග්ධ වූත් මතයන් පල කරීමට එක්කෝ අසමත් වෙති. නැතිනම් හිතාමතාම එසේ කිරීමෙන් වැලකී සිටිති. මේ නිසා නිරන්තරයෙන්ම සමාජය වෙත ගලායන්නේ යම්කිසි ආකාරයකින් පක්ෂග‍්‍රාහී වූත් විශ්වාසනීයත්වයෙන් හීන වූත් තොරතුරු සමුදායකි.
මෙම තත්වයට මූලික හේතුව ලෙස හදුනාගත හැකි වන්නේ සමාජය වෙත තොරතුරු සම්පාදනය කිරීමේ හා අර්ථ විග‍්‍රහයන් ඉදිරිපත් කිරීමේ වගකීම ඇති පාර්ශවයන් විවිධාකාර හේතූන් මත තමන්ගේ විග‍්‍රහයන්ට භාජනය වන්නාවූ සමාජ තැනුම් ඒකකයන්හි බලපෑමට නතුව තිබීමයි. එසේත් නැතහොත් තම ස්වාධීනත්වය හා වෘත්තීය ගරුත්වය විවිධ වටිනාකම් යටතේ යම් යම් පාර්ශවයන් වෙත අලෙවි කොට තිබීමයි. මේ අනුව විචක්ෂණශීලී භාවය හා විවෘත මනසක් උත්පත්තියෙන් උරුමකරගන්නා සුළුතරයක් හැරුණුවිට වඩාත් නිවැරදි සමාජ විග‍්‍රහයක යෙදීමට අවශ්‍ය තොරතුරු හා පූර්ව විග‍්‍රහයන් බිහි නොවීම නිසා ඉහත කාරණා පිළිබද පැහැදිලි චිත‍්‍රයක් ඇතිකරගැනීමේදී බොහෝ දෙනා අසමත් වෙති. මෙම තත්වය ඊනියා සමාජ මතවාද විශුද්ධිකරණයක් වශයෙන් දැක්විය හැකිය. මෙම ප‍්‍රවණතාවය යටතේ ඉහත සමාජ ආර්ථික උපනතීන් පිළිබදව නිගමනයන්ට එළඹීමේදී සමාජය විශ්වාසය තබන පුද්ගලයන් අතලොස්ස තමන්ට ලැබෙන විවිධාකාර ලාභ ප‍්‍රයෝජන හා වෙනත් හේතූන් පසුබිම් කොටගනිමින් පක්ෂග‍්‍රාහී නිර්වචනයන් ඉදිරිපත් කිරීමට පෙළඹෙති. මෙම නිර්වචනයන් මත විශ්වාසය තබන්නාවූ ජනතාව ඒ අනුව යමින් සාවද්‍ය තීරණයන්ට එළඹෙති. කාලය විසින් එම නිර්වචනයන් හා ඒ මත පදනම් වෙමින් ගනු ලැබුවාවූ තීරණයන් සාවද්‍ය බව සනාථ කරන කාලය වන විට ඒ සදහාද විවිධාකාර හේතූන් නිර්මාණය කොට සමාජයට ඉදිරිපත් කරන්නට මෙම ඊනියා ප‍්‍රාඥ්ඥයෝ පෙළඹෙනවා පමණක් නොව එය තර්කානුකූලව සනාථනය කිරීමටද ඉදිරිපත් වෙති. මේ හේතුවෙන් සමාජයේ බහුතරයක් විසින් ගන්නා තීරණ සාවද්‍ය මෙන්ම සුළුතරයකගේ ඕනෑ එපාකම් මත සකස් වූ න්‍යාය පත‍්‍රයන් යටතේ එම සුළුතරය විසින් බහුතරය මත එල්ල කරන ලද්දාවූ බුද්ධිමය පීඩනය යටතේ එම බහුතරය ලවා ගැන්නවූ තීරණයන් බවට පත්වේ.
මීලගට පැන නගින ප‍්‍රශ්නය වන්නේ තමන්ට සම්පාදනය කරන ලද්දේ සාවද්‍ය තොරතුරු හා නිර්වචනයන් බවත් මෙම මගපෙන්වීම් යටතේ තමන් විසින් ගන්නා තීරණය මහත් විනාශයකට මුලපිරිය හැකි බවත් සත්‍ය වශයෙන්ම සාමාන්‍ය ජනතාව නොදනීද යන්නයි. බොහෝවිට රූපවාහිනී වැඩසටහන්, දේශන, පුවත්පත් වල පලකරනු ලබන ලිපි ආදිය හරහා සාමාන්‍ය ජනතාවට මෙම බලපෑම් එල්ල වන අතර සමාජයේ ජීවත්වන පුරවැසියෙකු වශයෙන් තමා අත්දකින්නාවූ සත්‍යය හා මෙම වැඩ සටහන් හරහා ඉදිරිපත් කරනු ලබන කාරණා අතර යම්කිසි පරස්පරතාවයක් ඇති බව බොහෝ දෙනා දනිති. එහෙත් මෙම ඊනියා ප‍්‍රාඥ්ඥයින් මේ කාරණා ප‍්‍රකාශ කරනු ලබන්නේ මෙම පුද්ගලයන් සතුව ඇති යම්කිසි දැනුමක් හෝ අත්දැකීම් ප‍්‍රමාණයක් හේතුවෙන් බව සාමාන්‍ය ජනයා විශ්වාස කරති. එබැවින් තමන්ගේ දෘෂ්ටි කෝණයට වඩා මෙම ප‍්‍රාඥ්ඥයින්ගේ දෘෂ්ටිකෝණය පුළුල් බවද ඔවුහු අදහති. එබැවින් මෙම පුද්ගලයන් තමන්ගේ තීරණයන් කෙරෙහි සෘජුවම බලපෑම් ඇතිකරන්නාවූ මෙම නිර්දේශයන් ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ දැනුම, දෘෂ්ටියේ පරිණත භාවය පමණක් නොව හෘදය සාක්ෂියද පරදවන්නාවූ සිව්වැනි සාධකයක් වන පෞද්ගලික ලාභාපේක්ෂාව මත පදනම්ව බව මෙම සාමාන්‍ය ජනයා සැලකිල්ලට නොගනිති.
එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වන බුද්ධිමය සංවාද වැඩසටහනක් මට මෙහිදී සිහියට නැගේ. මෙම වැඩසටහන එම නාලිකාවේ විකාශය වන සාරගර්භම වැඩසටහන් කිහිපයෙන් එකක් වන අතර එය ආරම්භ වූ මුල් කාලයේ එහි විෂය පථය වූයේ සමාජයේ මුල්බැසගෙන ඇති ආගමික සංස්කෘතික මතවාදයන් හා ඇදහිලි විශ්වාස පිලිබදවද යම් අධ්‍යනයක නිරත වීමයි. එය ඇත්තෙන්ම ඉතා විදග්ධ වූද තර්කානුකූල වූද වැඩසටහනක් වූ අතර නොවරදවා එය නරඹන ප්‍රෙක්ෂක පිරිසක්ද සිටියහ. නමුත් පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෙම වැඩසටහන විසින් මෙම ආගමික හා සංස්කෘතික උපනතීන් කෙරෙහි එක්තරා අපේක්ෂකයෙකුගේ ප‍්‍රතිපත්තීන් ඒකාබද්ධ කරමින් එම අපේක්ෂකයාට චන්දය දිය යුතු බවට එහි පේ‍්‍රක්ෂකයන් වෙත දිගින් දිගටම නිර්දේශ කරන ලදී. මෙහිදී මෙම වැඩසටහන නැරඹු පේ‍්‍රක්ෂකයන් අපහසුතාවයකට මෙන්ම අසාධාරණයට ලක්කිරීමක්ද මෙම ප‍්‍රාඥ්ඥයන් විසින් සිදුකරන ලදී. මෙම විද්වතුන් කෙරෙහි යම්කිසි ආකාරයක ගෞරවාන්විත හැගීමක් පේ‍්‍රක්ෂකයන්ගේ සිත් තුල හටගන්නේ එතෙක් කල් ඔවුන්ට ගැටළුවක්ව පැවතියාවූ සමාජ සංසිද්ධීන්ට ඔවුන් ලබාදුන් විචක්ෂණශීලී අර්ථකථනයන්ට පිං සිදුවන්නටය. මෙහිදී තමා තුල පැවතියාවූ විදග්ධ භාවය හේතුවෙන් තමන්ට ලැබුණු ජන ප‍්‍රසාදය හා පිළිගැනීම දේශපාලන කාර්යාවලියේදී තම පෞද්ගලික ලාභ ප‍්‍රයෝජනය උදෙසා උකස් කිරීමෙන් මෙම විද්වතුන් තමා වෙතද විශාල වංචාවක් සිදුකොටගනිති.
කෙසේ වෙතත් මෙම කාරණා සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ තීරණ ගැනීමේ ක‍්‍රියාවලියේදී විද්වත් අදහස් යන සාධකයට දිය හැකි වටිනාකම විද්වතුන් විසින්ම හීන කොට ඇති බවයි. මේ හේතුවෙන් වඩාත් විචාරශීලී අර්ථකථනයක් සමාජ, ආර්ථික හා දේශපාලන සංසිද්ධීන් හීදී ලබා ගැනීම සදහා තමන්ටම විශේෂිත වූ උපමානයක් සාමාන්‍ය ජනතාව විසින්ද ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවයි.
ග‍්‍රාමීය ම්ට්ටමේ ජනතාව මෙම ඊනියා බුද්ධිමය විශුද්ධිකරණ ක‍්‍රියාවලියේ ප‍්‍රධානතම හා අවාසනාවන්තම ගොදුර බවට පත්වේ. මේ හේතුවෙන් ස්වතන්ත‍්‍ර සාමාජීය අර්ථකථන න්‍යායන් ගොඩනගා ගැනීමේ වැදගත් කම වැඩි වශයෙන් ඇත්තේද දේශපාලන කරුණු පිළිඹද දැනුවත් භාවය හා උනන්දුව අඩු ග‍්‍රාමීය ජනතාවටය. යම් පුද්ගලයෙකු දේශපාලන කාරණා පිළිබදව හැදෑරීමට පසුබට වීම හා දේශපාලන යථාවබෝධයක් ලබා ගැනීම අප‍්‍රිය කරන්නේ නම් එවැන්නෙකුට සමාජයට කළ හැකි අගතිය අති මහත්ය. දේශපාලන, සමාජ ආර්ථික සන්දර්භයන් පිළිබද විචාරාත්මක අධ්‍යනයක යෙදෙන නොයෙදෙන සියල්ලන්ටම එක චන්දය බැගින් තිබීම මෙයට හේතුවයි. තමා කරන්නේ කුමක්ද යන්න පිළිබදව කිසිදු විචාරාත්මක අවබෝධයකින් තොරව හා තමාගේ තීරණය තර්කානුකූලව සාධාරණීකරණය කිරීමට අපොහොසත් චන්ද දායකයෝ බොහෝය. බොහෝ දෙනා 88,89 වකවානුව හේතුකොට දක්වමින් ජ.වි.පෙ සහ එ.ජා.ප ය ප‍්‍රතික්ෂේප කරති. තවත් අය 71 කාල වකවානුව සිහිපත් කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතික්ශේප කරති. විවෘත වෙළෙදපොල අර්ථ ක‍්‍රමය හදුන්වාදීම පිළිබද එ.ජා.පයට පසසමින් අද 2011 වන තුරුම එම හේතුව නිසා එම පක්ෂයට චන්දය දෙන අයද සිටින අතර එයට විරුද්ධව ශ‍්‍රී.ල.නි.ප යට චන්දය දෙන අයද සිටිති. තමාගේ පවුලේ කෙනෙකුට රස්සාවක් ඉතා ඈත අතීතයේදී දුන් හේතුවට පරම්පරා පිටින් යම් පක්ෂයක් වෙනුවෙන් කැපවූ අයද හිග නැත. වර්තමානයේදී නම් යුධ ජයග‍්‍රහණයට දේශපාලන නායකත්වය දුන් මෙම රජයට ඕනෑම දෙයක් කිරීමේ අයිතිය හිමිකම කළගුණ සැලකීමක් වශයෙන් ලබාදිය යුතුය යන මතවාදය ජනප‍්‍රිය බව පෙනීයයි.
මේ අනුව පෙනී යන්නේ සාමාන්‍ය ජනයා දේශපාලන මතයන්ට එළඹීම සදහා භාවිත කරන්නාවූ උපමානයන් ඉතා ළාමක වූද හරසුන් වූද පටු වූද විග‍්‍රහයන් සමූහයක් වන බවයි. මෙම උපමානයන් හි සිටිමින් සමාජය විග‍්‍රහ කිරීමේදී තමා හා සමාන ජීවන තත්වයක් ඇති තමා හා උරෙනුර ගැටී ජීවත් වන තම පන්තිය නියෝජනය කරන සගයකු, තමාගේම එකකු තමාගේ යැයි තමාට විශ්වාස ගන්වා ඇති පාලක පන්තියේ වුවමනාව පිණිස මරාදැමීමට වුවද පෙළඹෙන්නාවූ තරමට මෙම ප‍්‍රවණතාවය උග‍්‍ර හා සමාජයට අහිතකර තත්වයකට වර්ධනය වී ඇත්තේය.
මේ නිසා සමාජයේ සෑම පංතියක්ම නියෝජනය කරන ජනතාව තම අයිතීන් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නම් ඒ සදහා අවශ්‍ය කරන විචක්ෂණ භාවය අත්පත් කරගැනීම සදහා දැනුවත් වීමේ අවශ්‍යතාවයද එම දැනුම සාර්ථක ලෙස උපයෝජනය කිරීමේ නිපුණතාවයද අත්පත් කරගත යුතුව ඇත. මේ හරහා තමා චන්දය ප‍්‍රකාශ කළ පසු එම ජනතා නියෝජිතයා තම පක්ෂය නියෝජනය කලත් නැතත් ඔහු තවදුරටත් තමාගේ එකෙකු නොව පාලක පන්තිය නියෝජනය කරන්නකු ලෙස සලකමින් පාලිත පන්තිය වන තමන්ගේ එවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පාලක පන්තිය වෙතින් දිනා ගැනීම සදහා තම නියෝජිතයාට වුවද පීඩනය යොදන්නාවූ යොදන්නාවූ විචක්ෂණශීලී චන්දදායකයෙකු බිහිකරගැනීම කාලීන අවශ්‍යතාවයකි. දැනුවත් ඔබ රවටාලිය නොහැක. මනා දැනුමක් හා සාධාරණ හා ප‍්‍රායෝගික මෙන්ම වර්තමානික වූද දේශපාලන, ආර්ථික හා සමාජීය භාවිතාවක් ඇතිකර ගැනීම යම් හෙයකින් ඔබ චන්දය දුන් පක්ෂයට අයහපත් විය හැකි වුවද මුළුමහත් සමාජය සමස්ථයක් ලෙස සැලකූ කල්හි ඔබ ඔබ වෙනුවෙන්ම ඉටුකරගත හැකි මහගුතම කාර්ය භාරය වනු ඇත. මේ නිසා ඊනියා බුද්ධිමය විශුද්ධිකරණය තුල ශ‍්‍රී ලාංකීය පුරවැසියාගේ ගැලවීම ඇත්තේ තමා තුලම බව සෑම පුරවැසියෙකුම වටහා ගැනීම මෙහිදී අතිශය වැදගත් වන්නේය.

 
Leave a comment

Posted by on September 12, 2011 in Uncategorized

 

පිම්බුණු ගෙම්බාගේ අන්දරය


මේක අපි කවුරු කව්රුත් පුංචි සන්දියේ අහලා පුරුදු කතන්දරයක්. අහලා නැති උදවියත් ඇති. කොයිකටත් කවුරු කව්රුත් කියවලාම බලමුකෝ.
ඔන්න එකෝමත් එක රටක ගෙම්බෙක් හිටියා. මේ ගෙම්බා තමුන් ගැන මහ ඉහලින් හිතාගෙන හිටපු ටිකක් ආඩම්බරකාර ගෙම්බෙක්. මුළු ගෙඹි ජනපදයටම ටිකක් සරට සද්දෙ දාගෙන තමයි ජීවත් වුනේ. ගෙඹි ජනපදේ උදවියත් මීට කලින් එහෙම සද්දන්ත ගෙම්බෙක් දැකලා තිබුණෙ නෑ. ඒ හින්දා මේ අපේ ගෙඹි උන්දැටත් බොහෝම ගරු සැලකිලි, භය පක්ෂපාතකම් එහෙම ලැබුණා.
දවසක් මේ ගෙඹි ජනපදේ තරුණ ගැට ගෙම්බො ටිකක් එක්ක අපේ ගෙඹිතුමා ගංගාවක් අද්දරට ගියා. හිටිහැටියේ පොළව දෙදරුම්කන්න ගත්තා. ගස්කොලන් පොඩිපට්ටම් වෙන්න පටන්ගත්තා. කවදාවත් දැකලා නැති භයංකාර, මහා විශාල සතෙක් උම්බෑ උම්බෑ කිය කියා ගං ඉවුරට ආවා. මේක දැකලා බය වුණ ගෙඹි රංචුව දුවලා ගිහිං හැංගුණා.
ඒ මොකාද බං ඒ
එක ගෙම්බෙක් ඇහුවා.

මොකා උනත් මහා බලවත් ශ්‍රේෂ්ඨ සතෙක් වෙන්න ඕන. බලපංකො සයිස් එක.
තව ගෙම්බෙක් කිවුවා.

ගෙඹිතුමාට හරිම දුකයි. තරහයි. මෙච්චර කල් තමන්ට වන්දනාමාන කර කර හිටපු තමන්ගෙ පිරිවර අද ඉදන් තමාව අතහැරලා අර අද්භූත සතාට වන්දනාමාන කරන්න පටන්ගනී කියලා ගෙඹිතුමාට බය හිතුණා.
හා හා…….. උඹලා කලබල වෙන්ට කාරි නෑ.
මේ සතා මහ විසාල බව හැබෑව. ඒත් මට ඕනෑ වෙලාවට ඔය තරමට වුණත් විශාල වෙන එක මට මහ වැඩක් නෙවෙයි බොලව්……
ගෙඹිතුමා කිවුවා.
එහෙනම් ගෙඹිතුමෝ අපිටත් බලාගන්නත් එක්ක ලොකුවෙලා පෙන්නුවනං.
එක කටකාර ගෙම්බෙක් කිව්වා.
මේ මේ…. ඕනැන්නෙ නෑ…… අමතක වුණාද අපි ගෙම්බො බොලව්. මේ සතා මොකෙක් වුණත් මහ බයංකර එකෙක්. කෝකටත් කලින් පණ බේරාගෙන මෙතනින් ගියොත් තමයි ඇගට ගුණ.
ටිකක් පැත්තකට වෙලා පාඩුවෙ ඉන්න කැමති ගෙම්බෙක් කිවුවා.

අනේ පලයං බං යන්න. මෙහෙම සත්තුද මං මෙල්ල කරලා තියෙන්නේ. නිකං කට දාන්නෙ නැතුව පැත්තකට වෙලා බලාගෙන හිටු.
ගෙඹිතුමා සැර වුණා.

කවුරු කවුරු කවුරුත් ගෙඹිතුමාගෙ වික‍්‍රමය බලන්න සූදානම් වුණා. ගෙඹිතුමා හොදට කට ඇරලා ලොකු හුස්මක් අරගෙන පපුව පුම්බගෙන ආඩම්බරෙන් ගෙඹි රංචුව දිහාට හැරුණා.
දැං බලාපල්ලා. මම ඒ සතා තරමටම ලොකුයි.
ගෙඹිතුමා ආඩම්බරෙන් කිවුවා.

තව කොහෙද. ඒ සතා තවමත් මහ සද්දන්තයි.
ගෙම්බෝ කිව්වා.
ගෙඹිතුමා හැරිලා බැලුවා. ඇත්ත තමයි. තවමත් ඒ සතා මහ විසාලයි. ගෙඹිතුමත් ඇරියෙ නෑ. තව හුස්මක් ගත්තා. ඒත් මදි. තව එකක් තව එකක් විදියට ගෙඹිතුමා වියරුවෙන් වගේ තමන්ගෙ උදරය ඇතුලට හුලං පුරවගෙන පිම්බෙන්න ගත්තා. කොළපාට ගෙඹිහම පිම්බිලා දිලිසෙන්න ගත්තා. ගෙඹිතුමා තව පාරක් බිහිසුණු සතා දිහා බැලුවා. තව කොහෙද. ඒ සතාගෙ ඔලුවත් හරි ගෙඹිතුමාගෙ මුළු ඇගමත් හරි. ගෙම්බෝ බිරන්තට්ටු වෙලා බලාගෙන ඉන්නවා. ගෙඹිතුමා ආයෙත් අධිෂ්ඨානශීලීව ලොකු හුස්මක් ගත්තා.

ඩෝං……………………………….

මහ විසාල සද්දයක් ඇහුණා. බය වෙච්ච ගෙම්බො හිස් ලූ ලූ අත දුවන්න පටන්ගත්තා. දුවලා දුවලා නතර වුනේ තමන්ගෙ ජනපදයටම ඇවිල්ලා. හැමෝටම හති. කවුරුත් හතිය අඩු වෙන්න වෙන්න වටපිට බලන්න ගත්තා.

කෝ ගෙඹිතුමා.
එකෙක් ඇහුවා.

මං දැක්කෙ නෑ. ඕව හොයන වෙලා මං පණ බේරගන්න දිවුවා.
තව ගෙම්බෙක් කිවුවා.

ඔය මොකක්ද කරේ තියෙන්නේ.
එක ගෙම්බෙක් තව ගෙම්බෙකුගේ කර දිහාට අත දික් කරලා ඇහුවා.

හැබෑට මේ මොකක්ද කියන ගමන් ඒ ගෙම්බා තමන්ගෙ කර වටා වැටිලා තිබුණ ඒ සෙවල දෙය අතට ගත්තා.

ඒක දැකපු ගෙම්බන්ට ක්ලාන්ත වෙන්න වගේ.
ඒ තිබුණෙ ගෙඹිතුමාගෙ හමෙන් කොටසක්…………

සිද්ධ වෙලා තියෙන දේ කාට කාටත් තේරුම් ගියා.
අනේ අපේ ගෙඹිතුමා.
සමහර ගෙම්බො දුක් වුණා.

මං ඕකනේ කලින්ම කිවුවෙ, ඉක්මනට එතනින් මාරු වෙලා එමු කියලා.
වැඩි කතාබහක් නැති පාඩුවෙ ඉන්න ගෙම්බා එහෙම කිව්වෙ ජබුග්…. ගා වතුරට පනිමින්.

මේ අපි නැපියෙ චූ කරගන්න කාලෙ අහපු එක තොත්ත බබා සුරංගනා කතාවක් තමයි. ඒත් මේ තොත්ත බබා සුරංගනා කතාවෙ හරය තොත්ත බබ්බුන්ට විතරක් නෙවෙයි. මුළු මහත් සමාජයටම තුන්කල්හිම වලංගු වෙන ඇත්තක් මේ කතාව ඇතුලෙ තියනවා.
කරුමෙ කියන්නෙ තනියම මලපහ කරගන්නවත් බැරි කාලෙ යස අගේට තේරුණ මේ පණිවිඩය, අපි ඉන්නෙ කකුල් දෙකෙන් හිටගෙන කියලා අපි හිතාගෙන ඉන්න කර දඩු උස් මහත් වෙච්ච කාලෙදි අපි අමතක කරන එක.
මතක තියාගන්න. හැමෝටම පිම්බෙන්න පුළුවන් තරමක් තියෙනවා. ඊට වඩා පිම්බෙන්න ගියොත් කොයි වෙලාවෙ ඩෝං …. ගායිද කියලා තමන්වත් දන්නෙ නෑ.

 
Leave a comment

Posted by on September 10, 2011 in Uncategorized

 

නූතන බෞද්ධයාගේ පස් පව්


1. පානාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි.
මම සතුන් මැරීමෙන් වලකිමි. හැබැයි බුද්ධාගමට සිංහලකමට අභියෝග කරන උන් මැරීම පව් නැති අතර උන් වහාම මරා දැමීම මහත්ඵල මහානිශංස ගෙනදෙන පුන්‍ය කර්මයකි. ආත්මාරක්ෂාවට ප‍්‍රාණඝාතය කිරීම පවු නැති අතර ජාතක පොතේ ඇති අවිහිංසාවාදී ජාතකය දෙමළ ඩයස්පෝරාවේ සැලැස්මකට අනුව ක‍්‍රියාත්මකවූ ජාත්‍යන්තර මට්ටමේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස ජාතක පොතට ඇතුලත් කරන ලද්දක් වන අතර අප විසින් නැවත එය නිවැරදි කර ගාමනි චිත‍්‍රපටය හරහා සමාජයේ මුල්බැසගෙන ඇති සාවද්‍ය මතිමතාන්තර තුරන් කිරීමට පියවර ගෙන ඇත්තෙමු.

2. අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි
මම අන්සතු දේ ගැනීමෙන් වලකිමි. වර්තමාන සමාජයේ රජයට අයත් දේපල දේශපාලකයින් විසින් පරිහරණය කිරීම මෙම සිල් පදය කඩ කිරීමක් බවට සාවද්‍ය මතයක් පැතිර යමින් පවතී. එය හුදෙක් වත්මන් රජය විසින් ක‍්‍රියාත්මකකරනු ලබන දැවැන්ත සංවර්ධන ක‍්‍රියාදාමය උහුලා ගැනීමට නොහැකිව බෙරිහන්දෙන විපක්ෂයේ කුමන්ත‍්‍රණයක් බව මේ රටේ බහුතරයක් වූ බුද්ධිමත් ජනතාව දන්නා බැවින් ඔය බොරු චෝදනා වලින් රජය අඩපණ කිරීම කුමන්ත‍්‍රණකරුවන්ගේ සිහිනයක් පමණක්ම වනු ඇත.
රාජ්‍ය දේපල පෞද්ගලික ප‍්‍රයෝජනයට ගැනීම අදින්නාදානා පවට අයත් වන්නේ කෙසේද. මෙම සිල්පදය යටතේ පාපයක් වන්නේ අන්සතු දේ ගැනීම පමණි. මේ ජනතාවගේ මුදල්ය. මැතිවරණ කාලයේ දේශපාලකයන් ජනතාව වෙනුවෙන් කොතරම් මුදල් වියදම් කරයිද. එම මුදල් බලයට පත්වූ පසු ආපසු පොලියත් සමග ලබාගැනීමට පාපයක් කියන්නේනම් සැබෑ පාපය කරන්නෝ දේශපාලකයන්ට ඔවුන්ගේ මුදල් ගැනීමට බාධා කරන ජනතාව මිස මැති ඇමතිවරු නොවෙති.

3. කාමේසුමිඡ්චා චාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මම කාමයෙහි වරදවා නොහැසිරෙමි. මෙය පාපයක් වන්නේ ප‍්‍රසිද්ධියේ එසේ කිරීමය. බොහෝවිට එය කරනු ලබන්නේ සාමාන්‍ය ජනතාව විසිනි. ඔවුහු මල්වතුවල, වැව් අද්දර, පුංචි කැලෑ රොදවල්වල, පෞද්ගලික බස්රථවල පිටුපස අසුණේ කාමයේ වරදවා හැසිරෙති. ඒවා කොහෙද අපිත් එක්ක. අපේ රටේ ඉතා විනය ගරුක රහසින් වත් පවු නොකරන පොලීසියක් ඇත. මෙසේ ප‍්‍රසිද්ධ ස්ථාන වල කාමයේ වරදවා හැසිරෙන්නන් වහාම කුදලාගෙන යාමට අපි පොලීසියට බලය පවරා ඇත්තෙමු. පොලීසිය විසින් මෙම ප‍්‍රසිද්ධියේ කාමයේ වරදවා හැසිරෙන්නන් අත්අඩංගුවට ගෙන තරයේ අවවාද කරනු ලැබේ. අවුරුදු 18ට වැඩි දැනුම් තේරුම් ඇති වයසේ උදවියද මෙසේ සිට අසුවීම හරිම ජුගුප්සාජනකය. පොලීසිය විසින් මෙම පුද්ගලයන්ගේ දෙමාපියන් ගෙන්වා මෙම නැහැදිච්ච උන් දෙමාපියන්ට භාරදෙන්නේ ආය ජීවිතේට ප‍්‍රසිද්ධියේ තබා හොර රහසේවත් කාමයේ වරදවා නොහැසිරෙන්නට හිතෙන පරිදි අවවාද කරලාය. හදිස්සියේවත් පොලීසියට පුරවැසියන්ට තරයේ අවවාද කිරීමට වත් දෙමාපියන් ගෙන්වීමටවත් බලයක් නැතැයි කීමට තරම් නීතිය නොදන්නා එකෙක් හිටියොත් ඔහුගේ වැරදි අවබෝධය වහාම දුරු කිරීමට පොලීසිය පියවර ගනී. ඒවාට තරහාගන්නේ මෝඩ අඥාණයෝය. හදාගන්නනේ ගහන්නේ.
ශ‍්‍රී ලංකාවේ උන් ලිංගික තෘප්තිය විදින්නේම එය කාමයේ වරදවා හැසිරීමක් වන පරිදිය. හොද හෝටලයකට ගිහින් ඕක කලා නම් කාමයේ වරදවා හැසිරුණා කියා කව්රුත් කියන්නේ නැත. බුදු දහමේද මේ සම්බන්ධ තත්වය කවුදෝ රතු ඇදගත් බටහිර ගැත්තෙකු විසින් විකෘති කර ඇති බවට ආරංචියක් ඇත. එයද ළගදීම චිත‍්‍රපටයක් හරහා සංශෝධනය කිරීමට නියමිත වන්නේ අපේ අනාගත පරපුරත් මාතෘ භූමියත් වෙනුවෙන්මය.
කැමතිනම් ලිවිං ටුගෙදර් හිටිය හැකිය. එසේත් නැතහොත් රූපසුන්දරී තෝරන තරගෙකට හෝ නැටුම් තරගෙකට විනිශ්චයකරුවෙක් වශයෙන් සහභාගි වී එහිසිටින රූරාජිනියක් ජයග‍්‍රහණය කරවීමේ පොරොන්දුව පිට ඇය සමග එකගතාවයකට පැමිණිය හැක. වැදගත් විදියට හැසිරෙන්නේ එහෙමය. කෙල්ලත් ලස්සනය. වැඩෙත් ගොඩය. කාමයේ වරදවා හැසිරීමක්ද නොවේ. මෙහෙම කරන්න පුලුවන්කම තිබියදීත් මේ රටේ පවුකාර ජනතාව හොටු කෙල්ලන්, සමහරවිට කෙල්ලන්කිය නොහැකි තලත්තෑනි අම්මණ්ඩිලාද එක්ක මල්වතු ගානේ, වැව් ගානේ, කැලෑ ගානේ, බාල හෝටල් ගානේ රිංග රිංගා කාමයේ වරදවා හැසිරෙමින් පවු පුරවා ගන්නේ ඇයිදැයි සිතාගැනීමට බැරිය.
4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මම බොරු කීමෙන් වලකිමි. පානාතිපාතා සික්ෂා පදයට බුදුන් වහන්සේ පසුකාලීනව දුන් අර්ථනිරූපණය හා සමානවම මෙයද තමාගේ රටේ රජයේ යහපත උදෙසා කියන එව්වා බොරු නොවේ යනුවෙන් සංශෝධනය විය යුත්තේය. ඒ සදහා වූ විශේෂ පනතක් මේ වන විට දේශපාලන පුණ්‍ය කර්මයේ නියුතු සැබෑ බුද්ධාගම හා සිංහලකම වෙනුවෙන් පෙනී සිටින භික්ෂුන් වහන්සේලා කිහිපනමක් ලවා සම්පාදනය කරවා පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකේ බලයෙන් සම්මත කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් පවතී. මෙම පනත යටතේ ශ‍්‍රී ලංකාවේ කිසිදු යුධ අපරාධයක් හෝ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් යුධ සමයේ හෝ ඊටපසුව රජයේ හමුදාව විසින් සිදු නොකල බවත් සේරම කලේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් බවත් ත‍්‍රිපිටකයේ අලුත්ම පිටපතේ ඇතුලත් කිරීමට නියමිත වන අතර ඊට විරුද්ධ වන්නන් හැදි ගෑවී යන්නට සීනිගම දේවාලයේ පොල් ගැසීමේ හා මිරිස් ඇඹරීමේ මහා පුණ්‍යකර්මයක් මේ හා සමගාමීව ක‍්‍රියාත්මක කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඊට අමතරව සත්‍යවාදී ගෞරව සම්මාන නමින් මෙම සිව්වැනි සිල්පදය රකින්නන්ට සම්මාන ප‍්‍රධානය කිරීම මගින් සානු බල ගැන්වීමක් සත්‍ය ප‍්‍රකාශ කිරීම වෙනුවෙන් ලබාදීමටත් බුද්ධ ශාසන අමාත්‍යංශය සැලසුම් කර ඇති අතර එහි සම්මාන සදහා සුදුස්සන් තේරීමේ කමිටුවට නිල බලයෙන්ම ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වරයා, ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා, ස්වාධීන රූපවාහිනී සේවයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයා, ලේක් හවුස් අධිපතිවරයා, දිණමිණ ප‍්‍රධාන කර්තෘ වරයා යන සත්‍ය පමණක් ප‍්‍රකාශ කර සකළ ශ‍්‍රී ලංකා වාසීන්ටම ආදර්ශයක් සැපයූ, යහපත් පුරවැසියන් වීමට තවමත් බුද්ධිමත් ජනතාවට දැනටත් ඇති තරම් දැනමුතුකම් දෙන ශුද්ධවන්ත මහත්වරු පත්කිරීමට අපේක්ෂිතය.
5. සුරාමේරය මජජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මම මත්පැන් බීමෙන් වලකිමි. මෙහිදීද සැදැහැවතුන් සැලකියයුතුකාරණය වන්නේ පාප කර්මය සංස්ථාපනය වන්නේ ප‍්‍රසිද්ධියේ මත්පැන් බීවොත් පමණක් බවයි. රූපවාහිනියේ මත්පැන් හෝ දුම්වැටි පානය පෙන්නන විට කොටු දාන්නේ එය දැක්කොත් ප්‍රෙක්ෂකයාට පවු පිරෙන නිසාය.ප‍්‍රසිද්ධියේ මත්පැන් බිව හැකි පාපාකර්ම මුක්ත කලාප ශ‍්‍රී ලංකා ජනයාගේ සුභසිද්ධිය වෙනුවෙන් පිහිටවා ඇත. මැතිවරණ කාලයේ රජගෙදරදී මත්පැන් නෑවාටද පවු නැත. තරුපහේ හෝටල් වලදී හි රාත‍්‍රී සමාජ ශාලා වලදී මත්පැන් බීම කැපය. දැන් දැන් සමහර ස්වාමීන් වහන්සේලාටද දායකයෝ නැති වේලාවක් බලා ශේප් එකේ අඩියක් ගැසීම කැපය.
ලෝක කුසලානය වැනි රටට අතිශය වැදගත් අවස්ථා වලදී කන් පාත්වන තුරු මත්පැන් බී බල්ලාට මචං කියමින් ගිරිය කඩාගෙන කෑගැසීම ඔබ තුල රටට ජාතියට හා ආගමට ඇති ලැදියාව පෙන්නුම් කරයි.
මෙම පාපයේ තවත් ප‍්‍රභේදයක් ඇත. විස්කි, බ‍්‍රැන්ඩි, ලෙමන් ජින්, වොඞ්කා වැනි බීම වර්ග පානය, අඩුම තරමේ සීල් අරක්කු හෝ පානය පාපකර්මයක් වන්නේ පුරහද පායන පුන්පොහෝදාට පමණි. එහෙත් කසිප්පු උගුරක් හෝ පානය මහා පාප කර්මයක් වන අතර බැරිවෙලාවත් පොලීසියට එහෙම අසු වුවහොත් එය ආනන්තරිය පාප කර්මයක් බවට පත්වේ.
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය ආසියාවේ ආශ්චර්යය කිරීමේ එක් පියවරක් වශයෙන් පන්සිල් සදහා වන මෙම නූතන අර්ථකථනයන් සැදැහැවත් සිංහල බෞද්ධ ජනතාවට ඉදිරිපත් කර ඇත. මෙයින් බාහිර වූ බුදු දහමක් ඇති බව ඇතැම් පුද්ගලයින් ඔබට කියනු ඇත. ප‍්‍රවේශම් වන්න. මෙම පුද්ගලයන් අමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ජර්මනිය, ප‍්‍රංශය වැනි බටහිර අධිරාජ්‍යවාදී බලවත් රටවල න්‍යාය පත‍්‍රයන්ට අනුව නැටවෙන රූකඩයක් බවට ශ‍්‍රී ලංකාව පත්කරීමට කොන්ත‍්‍රාත්තු අත්සන් කොට ඇති කෝටි ගණනින් විදේශ මුදලින් වැටුප් ලබන දේශ ද්‍රෝහීන් මිස වෙන කවුරුන්ද. ඔවුන්ට සීනිගම දේවාලයේ පොල් ලොරියක් ගැසුවත් මදිය. කෙසේ වෙතත් මොවුන්ගේ මෙම ජාත්‍යන්තර මට්ටමේ කුමන්ත‍්‍රණය නිශ්චිත වශයෙන්ම අසාර්ථක වනු ඇත. මන්ද බහුතරයක් වූ දේශපේ‍්‍රමී ශ‍්‍රී ලාංකික ජනතාව සැබෑ කුමන්ත‍්‍රණකරුවන් දුටුපමණින් හදුනාගැනීමට සමත් තීක්ෂණ බුද්ධියෙන් යුතු ප‍්‍රබුද්ධ ජනතාවක් බැවිනි.

බුදු සසුන බැබලේවා……….

 
Leave a comment

Posted by on September 7, 2011 in Uncategorized